අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මතුගම සී.ඩබ්.ඩබ්. කන්නංගර මැදි විදුහල සහ බලපිටිය සිද්ධාර්ථ විදුහල අතර හොරණ සීලරතන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 34 ජයක් අත්කර ගැනීමට කන්නංගර විදුහල සමත් විය.
එහිදී කන්නංගර මැදි විදුහලේ ශකිල ප්‍රියෂාන් (55 සහ 58) ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම දිනිල් සමුදිත ලකුණු 54 කට කඩුලු 8 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
කන්නංගර මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 21.4 කදී සියලු දෙනා දැවී 132
(ශකිල ප්‍රියෂාන් 55, නදීෂ විරාජ් 31/6, ප්‍රසන්න කුමාර 36/2, සෙනෙත් අවිෂ්ක 52/2)
සිද්ධාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 190
(නදීෂ විරාජ් 35, ප්‍රසන්න කුමාර 27, තිලුක්ෂ මධුෂංක 26, දිල්ෂාන් සිල්වා 36, සෙනෙත් අවිෂ්ක 26, දිනිල් සමුදිත 27/5, පහන් බිම්සර 52/3)
කන්නංගර මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 66.4 කදී සියලු දෙනා දැවී 273
(ශකිල ප්‍රියෂාන් 58, ලසිඳු ෂෙහාන් 40, චමෝද් දිල්ෂාන් නොදැවී 43, දිනිල් සමුදිත 34, කවිෂ්ක මදුෂාන් 28, ප්‍රසන්න කුමාර 48/5, නදීෂ විරාජ් 69/2)
සිද්ධාර්ථ මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 181
(මියුරු දිල්ෂාන් 58, සෙනෙත් අවිෂ්ක 35, තරිඳු මධුෂාන් 21, ප්‍රසන්න කුමාර 20, දිනිල් සමුදිත 27/3, විහඟ තත්සර 29/2, පහන් බිම්සර 20/2, ලෙසඳු ෂෙහාන් 43/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.