Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School එක්දින ක්‍රිකට් තරගයේ ජය දේවානන්දයට

එක්දින ක්‍රිකට් තරගයේ ජය දේවානන්දයට

editorial - 2022 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගනයේ අද (4) පැවැති වාර්ෂික සුනිල සංග්‍රාම එක්දින ක්‍රිකට් තරගයෙන් කඩලු 3 ක ජයක් ලබාගැනීමට දේවානන්ද විද්‍යාලය සමත් විය.

පසුගිය සතියේදී පැවති 53 වැනි සුනිල සංග්‍රාම දෙදින  ක්‍රිකට් තරගයේ ජය හිමිවුයේද දේවානන්ද විද්‍යාලයටය.

කාසියේ වාසිය දිනාගත් දේවානන්ද විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලය වර්ෂාව නිසා තරගය නතර කරන විට කඩලු 4ක් දැවී ලකුණු 101ක් ලබාගත්තේය. දක්ෂ ලෙස පන්දුවට පහරදුන් ධර්මාශෝක විද්‍යාලයේ රන්දුල් සමරහේවා ලකුණු 58 ක් ලබාගත්තේය. දේවානන්ද විද්‍යාලයේ මිතිල ප්‍රනාන්දු ලකුණු 25 කට කලු 3ක් දවා  ගත්තේය .

දිගින් දිගටම වාර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් ධර්මාශෝක විද්‍යාලයේ ඉනිම නතර කර තරගයේ ජයග්‍රහණය සඳහා ඕවර 22ක් තුළ ලකුණු 97 ක ඉලක්කයක් දේවානන්ද විද්‍යාලයට දීමට තීරණය විය .

දේවානන්ද විද්‍යාලය ඕවර 16.2  කදී කඩලු 7ක් දැවී ලකුණු 102ක්  ලබාගෙන තරගයේ ජය වාර්තා කළේය . දේවානන්ද විද්‍යාලයේ ෂෙහාන් වික්‍රමසිංහ පන්දුවට පහරදෙමින් ලකුණු 51ක් ලබා ගත්තේය .ධර්මාශෝක විද්‍යාලයේ ඉශාන් අනුරාධ පන්දු යවමින් ලකුණු 22 කට කඩලු 4 ක් දවා ගත්තේය .

 

ධර්මාශෝක විද්‍යාලය ඕවර 23.3කදි කඩලු 4ක් දැවී 101
(රන්දුල් සමරහේවා 54 ,හසිත රාජපක්ෂ 25,මිතිල ප්‍රනාන්දු 25/3)

දේවානන්ද විද්‍යාලය ඕවර 16.2 කදී කඩලු 7ක් දැවී 102
(ෂෙහාන් වික්‍රමසිංහ 51, ඉශාන් අනුරාධ 22/4)


අදහස් (0)

එක්දින ක්‍රිකට් තරගයේ ජය දේවානන්දයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.