Last Update  :  2025-09-15 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඉමන්ජිත්ගෙන් තුන් ඉරියව් දස්කම්

ඉමන්ජිත්ගෙන් තුන් ඉරියව් දස්කම්

editorial - 2025 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ II වැනි කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය සමත්විය.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි වටයේ තරගයේදී කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය විසින් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල ‘බී’ පිලට එරෙහිව ලකුණු 98 ක ජයක් වාර්තා කරන ලදි. 

මෙම තරගයේදී කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ නායක ඉමන්ජිත් භාතික පිත්තෙන් දස්කම් දක්වමින් පන්දු 123 කදී  හතරේ පහර 19ක් සමගින් නොදැවී ලකුණු 123 ක් රැස් කළ අතර, පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 19 කට කඩුලු 3ක් දවාලීය.


කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 7 ට 229 යි
(ඉමන්ජිත් භාතික නොදැවී 123, භාතික මුදිත් 48, ශෂ්මිත අනුහස් 26, මෙතුජ රනෝද් 45/2)

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ‘බී’ කණ්ඩායම - ඕවර 38.3 කදී සියලු දෙනා දැවී  131 යි 
(මහිරු ප්‍රනාන්දු 38, ෂෙරෝන් හිමාෂ 28, ඉමන්ජිත් භාතික 19/3, භාතික මුදිත් 40/3, තසිත් සත්සර 26/2)


අදහස් (0)

ඉමන්ජිත්ගෙන් තුන් ඉරියව් දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.