
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ අශෝක විදුහල සහ කළුතර විද්‍යාලය අතර කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නෙත්සිළු ගුණතිලක (54) සහ සනුෂ් මදීෂ (52) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම රනුල් චන්ද්‍රසේකර සහ ජනුල ඉඳුසර කඩුලු 3 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.
අශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 70.5 කදී සියලු දෙනා දැවී 190
(නෙත්සිළු ගුණතිලක 54, සනුෂ් මදීෂ 52, ජනුල ඉඳුසර 33, කවිඳු ජයවික්‍රම 33/4, විෂ්මික කොස්තා 52/3, නිනිදු සිල්වා 05/2)
කළුතර විද්‍යාල පළමු ඉනිම - ඕවර 22 කදී කඩුලු 6 ක් දැවී 105
(ඉෂාර ප්‍රනාන්දු 46, කවිඳු ජයවික්‍රම නොදැවි 28, රනුල් චන්ද්‍රසේකර 23/3, ජනුල ඉඳුසර 24/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.