(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තරගයකදී මාතර රාහුල විද්‍යාලයට එරෙහිව ලකුණු 104 ක ජයක් ලැබීමට හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය සමත්විය.
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී මාතර රාහුල විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් ඉනිම දෙකේදීම කඩුලු 10ක් දවාලීමට උචිත් නෙත්සර සමත් වූවත් තම කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම 246 යි
(රෂාන් දීමන්ත 74, තෙනූෂ තත්සර 38, චමෝද් මිහිරාන් 33, කුෂාන් තීක්ෂණ 33, ජනිරු සෙව්මින් 23, උචිත් නෙත්සර 63/5, ජනිරු විජේවර්ධන 6/2)
මාතර රාහුල විද්‍යාලය - පළමු ඉනිම 152 යි
(ජනිරු විජේවර්ධන 42, සදෙව් ගමගේ 41 යසිරු රත්නායක 22/5, චමෝද් මිහිරාන් 38/2
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 9 ට 152 යි
(ඔමල්ක අමරසිංහ 65, තෙනූෂ තත්සර 28, උචිත් නෙත්සර 46/5, ජනිරු විජේවර්ධන 29/4)
මාතර රාහුල විද්‍යාලය - දෙවැනි ඉනිම 142 යි
(සසිනු බැට්ටගේ 70, ජනිරු විජේවර්ධන 20, රෂාන් දීමන්ත 18/3, සන්දිත් රණවීර 12/2, කුවිඳු මධුභාෂ 21/2, ජනිරු සෙව්මින් 21/2)

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.