අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ ගස්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම සහ යාපනය ශාන්ත පැට්‍රික් විදුහල අතර ශාන්ත පැට්‍රික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායමේ ලෙෂාන් කන්දෙගෙදර ලකුණු 24 කට කඩුලු 5 ක් දවාගනිමින් ශාන්ත පැට්‍රික් විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී විය.
ශාන්ත පැට්‍රික් විදුහල - ඕවර 37.4 කදී සියලු දෙනා දැවී 104
(ඩී. ඩැනිසිස් 32, ඒ. දෙස්වින් 24, ලෙෂාන් කන්දෙගෙදර 24/5, අසාන් මොහොමඞ් 22/2)
සාන්ත තෝමස් විදුහල් ‘බී’ පිල - ඕවර 26.4 කදී කඩුලු 3 ක් දැවී 105
(විනුජ විජේබණ්ඩාර 36, ඉනෝෂන් දේවචන්ද්‍ර 27)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.