අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හංවැල්ල රාජසිංහ මැදි විදුහල සහ මොණරාගල රාජකීය විදුහල අතර රාජසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 33 ක ජයක් අත්කර ගැනීමට රාජසිංහ මැදි විදුහල සමත් විය.
එහිදී රාජසිංහ මැදි විදුහලේ ශක්ති උදාර ලකුණු 93 කට කඩුලු 10 ක්ද, ප්‍රවීන් නිමේෂ් ලකුණු 75 කට කඩුලු 7 ක්ද දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.
රාජසිංහ මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 158
(ඉසුරු උදාන 35, අවිශ්ක ලක්ෂාන් 43/4 චාමික දෙනුවන් 17/2)
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 173
(සකුණ නිදර්ෂන 55, දමිඳු රශ්මික 42, ශක්ති උදාර 54/5, ප්‍රවීන් මනීෂ 35/3)
රාජසිංහ මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 145
(චමිඳු ධනංජය 50, අමිල චතුරංග 33, ඉෂාන් චානක 23/3, අවිශ්ක ලක්ෂාන් 31/3, චතුර දිල්ෂාන් 20/2, සකුණ නිදර්ශන 22/2)
රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 97
(සකුණ නිදර්ෂන 35, චමෝද් සන්තුෂ් 20, ශක්ති උදාර 39/5, ප්‍රවීන් මනීෂ 40/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.