අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටස යටතේ කොටුගොඩ ශ්‍රී පඤ්ඤානන්ද මහ විදුහල සහ කිරිල්ලවල මහ විදුහල අතර පඤ්ඤානන්ද මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 57 ක ජයක් අත්කර ගැනීමට පඤ්ඤානන්ද මහ විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ පඤ්ඤානන්ද මහ විදුහලේ කනිෂ්ක අංජුල ලකුණු 72 ක් ලබාගත් අතර එම විදුහලේම ෂෙහාන් නිමේෂ ලකුණු 18 කට කඩුලු 3 ක් දවාගත්තේය.
පඤ්ඤානන්ද මහ විදුහල - ඕවර 38.5 කදී සියලු දෙනා දැවී 181
(කනිෂ්ක අංජුල 72, ෂෙහාන් නිමේෂ 21, අචින්ත භාතිය 30/4, පසිඳු මලින් 50/2, තෙවිඳු නිම්සර 34/2)
කිරිල්ලවල මහ විදුහල - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 124
(දිනෙත් සඳකැළුම් 36, ෂෙහාන් නිමේෂ 18/3, රවීෂ ටියාර 22/2, ඉෂාර සඳරුවන් 24/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.