
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ තර්ස්ටන් විදුහල සහ පිළියන්දල මැදි විදුහල අතර පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 90 ක ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.
එහිදී එස්. මුජීබ් (81), විහඟ ජයමාන්න (68) සහ ඉසිර මතීෂ (නොදැවී 58) තර්ස්ටන් විදුහල වෙනුවෙන්ද, ලක්ෂිත හංසික (64) සහ සිතුම් නිමල්ක (55) පිළියන්දල මැදි විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගත්හ.
තර්ස්ටන් විදුහල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 288
(එස්. මුජීබ් 81, විහඟ ජයමාන්න 68, ඉසිර මතීෂ නොදැවී 58, රනේෂ් සිල්වා 26, ඔෂාන් හංසික 20, කුසල් දීමන්ත 41/3)
පිළියන්දල මැදි විදුහල - ඕවර 37.3 කදී සියලු දෙනා දැවී 198
(ලක්ෂිත හංසික 64, සිතුම් නිමල්ක 55, තමෝද්‍ය රවිෂ්ක 25, පන්සිල කුමාර 38/4, සුජාන ලොනෙච් 22/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.