Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඩී.එස්. සේනානායක - මහානාම 19 වැනි රන් සටන 9 - 10 - 11
මහ ක්‍රිකට් තරග

ඩී.එස්. සේනානායක - මහානාම 19 වැනි රන් සටන 9 - 10 - 11

editorial - 2025 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායමට මෙන්ම දේශීය ක්‍රිකට් පිටියටත් ක්‍රීඩකයින් රැසක් දායාද කළ දිවයිනේ ජනප්‍රියතම පාසල් දෙකක් වන කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 9, 10 සහ 11 යන දිනවල පැවැත්වේ. 

“රන් සටන” යනුවෙන් හැඳින්වෙන මෙම මහ ක්‍රිකට් තරගය මෙවර සංවිධානය කරනු ලබන්නේ අතර වන 19 වැනි වරටය. තරගය කොළඹ එස්.එස්.සී.  ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම දෙවිදුහල් අතර වන ක්‍රිකට් තරගය මේ දක්වා දෙදින තරගයක් ලෙස පැවැත්විණ. එහෙත් 19 වැනි තරගයේ සිට මහා ක්‍රිකට් තරගය තෙදින තරගයක් ලෙසින් පැවැත්වීමට ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා සහ මහානාම විද්‍යාලයේ විදුහල්පති ප්‍රභාත් විතානගේ මහතා එකඟ වී සිටිති. 
පසුගිය පාසල් ක්‍රිකට් වාරයේදී ඩී. එස්. සේනානායක විදුහල මෙන්ම මහානාම විදුහල ද ඒ තලයේ තරගාවලියට ක්‍රීඩා කළහ. 

පසුගිය තරගවාරයේදී ඩී.එස්. සේනානායක විද්‍යාලයට ඉහළ දස්කම් දැක්වීමට අවස්ථාවක් නොලැබිණි. එහෙත් මහානාම විද්‍යාලය ඉහළ දස්කම් දක්වමින් දෙදින තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

“රන් සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ ඩී.එස්. සේනානායක විද්‍යාලය එක් තරගයක් ජය ගෙන තිබේ. වසර 2014 දී බිනුර ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ ඩී.එස්. සේනානායක එම ජයග්‍රහණය ලැබීය. මහානාම විද්‍යාලයට මෙතෙක් ජයග්‍රහණයක්  වාර්තා කිරීමට අවස්ථාවක් ලැබී නැත. 

මෙවර තරගයේදී මලිත පෙරේරා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාල පිල මෙහෙයවයි.  කොළඹ මහානාම විද්‍යාල පිල මෙහෙයවීමේ වගකීම අනුක විජේවර්ධන වෙත පැවැරී ඇත. 

දෙවිදුහල් අතර වන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මැයි මස 18 වැනිදා ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් ක්‍රීඩකයකු වන “අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය” වෙනුවෙන් පැවැත්වේ. එක්දින තරගය ද එස්.එස්.සී.  ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව ඇත.

 


ඩී. එස්. සේනානායක විද්‍යාලයීය සංචිතය: 
ඉදිරිපෙළ (අසුන්ගෙන - වමේ සිට දකුණට)  
කපිල මුණසිංහ මහතා (අභ්‍යාසක), ඩිලන් රාමනායක මහතා (ප්‍රධාන පුහුණුකරු), වසන්ත කාලීකොටුව මහතා (ක්‍රීඩා පරිපාලක), ඉසුරු ලියනගේ මහතා (සහකාර විදුහල්පති-ක්‍රීඩා), මලිත පෙරේරා (නායක), සම්පත් වේරගොඩ මහතා (විදුහල්පති), ඩිලාෂ් කුමාරනායක (උප නායක), ලසන්ත විතාරණ මහතා (සභාපති, ආදි ශිෂ්‍ය සංගමය), වජිර අබේවික්‍රම මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), කීර්ති ගුණරත්න මහතා (ජ්‍යෙෂ්ඨ ප්‍රධාන පුහුණුකරු) සහ ධනුෂ්ක චතුරංග මහතා (සහාය පුහුණුකරු)
පසුපෙළ (වමේ සිට දකුණට) 
බිහාන් ගමගේ, පමුල ලොකුලියන, සොහාන් යාපා, අනුහස් ධර්මවර්ධන, ඔමල්ක හපුආරච්චි, සෙනාර දිලිප්, කිරාන් පෙරේරා, රන්දීෂ බණ්ඩාරනායක, චනුල් අතලේ, දැහැම් නිර්මාල්, නිසල් තඹවිට, යෝසිත් හෙට්ටිආරච්චි, ලුදීෂ පතීරණ, චතුම් බැද්දගේ, ශනාල් බිනුෂ්ක, සංජුල දුලාජ්, අමාඩ් අෆ්ඩාල්, ලබීබ් නුස්ලී සහ ජනිදු ඩිනාල්

 


කොළඹ මහානාම විද්‍යාලයීය සංචිතය: 
ඉදිරිපෙළ (අසුන්ගෙන - වමේ සිට දකුණට)
අශාන් ප්‍රියන්ජන් මහතා (ප්‍රධාන පුහුණුකරු), උත්පල පීරිස්  මහතා (මහානාම ක්‍රිකට් සභාපති), ජයන්තා බණ්ඩාර මහත්මිය (ක්‍රීඩා පරිපාලිකා), සඳමාලි බණ්ඩාර මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනි), අනුක විජේවර්ධන (නායක), ප්‍රභාත් විතානගේ මහතා (විදුහල්පති), දුල්නිත් සිගේරා, ලෙනාඩ් කරුණාරත්න (ප්‍රධාන විධායක නිලධාරී), චතුර නිශ්ශංක (ක්‍රීඩා උප සභාපති), අකිල රාජපක්ෂ මහතා  (ක්‍රිකට් භාර ආචාර්ය) සහ රොෂාන් බණ්ඩාර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)
පසුපෙළ (වමේ සිට දකුණට)
සනුල් වීරරත්න, විමාෂ් මදනායක, වෙනුර කවීත්‍ර, තවිරු පෙරේරා, සිනෙත් වීරරත්න, කෞශික තිලකරත්න, ගීත් සඳරුවන්, චාමික හීනටිගල, එෂාන් විතානගේ, සිතුම් විහඟ, නදිල් නෙත්මිර, මිගාර රණසිංහ, ගිමන්ත දිසානායක, සනුක ගනේපොල, දුල්නෙත් අල්ගෙවත්ත, උදේන් රාජපක්ෂ, දෙනෙත් ගුණතිලක සහ ඔසඳ මුතුගම
  


අදහස් (0)

ඩී.එස්. සේනානායක - මහානාම 19 වැනි රන් සටන 9 - 10 - 11

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.