Last Update  :  2025-09-15 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඇඹිලිපිටියෙන් ආ නවකයෝ අර්ධ අවසන් පූර්ව වටයට
15න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට්

ඇඹිලිපිටියෙන් ආ නවකයෝ අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2025 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලැබීමට නවකයින් වූ ඇඹිලිපිටිය ජනාධිපති  විද්‍යාලය සමත්විය.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති මෙම තෙවැනි වටයේ තරගයේදී ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය විසින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරන ලදි. 

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ යුගීත් රන්දිනු මෙවර තරගවාරයේ තම තෙවැනි ශතකය රැස් කිරීමට සමත්විය. යුගීත් රන්දිනු හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට එරෙහිව පිත්තෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින් පන්දු 89 කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 7ක් සමගින් ලකුණු 116ක් රැස් කළ අතර, නායක පන්සිළු ජීවන්ත පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 24ට කඩුලු 5ක් දවාලීය.


හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය -  පළමු ඉනිම සියලු දෙනා දැවී 143 යි 
(රන්දිළු රූපසිංහ 31, සන්දිළු රූපසිංහ 30, සෙනුත් ප්‍රනාන්දු 22, පන්සිළු ජීවක 24/5)
 
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය: පළමු ඉනිම කඩුලු 3 ක් දැවී 229 යි
(යුගීත් රන්දිනු 116, සචින්ත ඩිල්ෂාන් 54, භානුජ බටගොඩ 23, දුලන ඉඳුවර 66/2)

 


අදහස් (0)

ඇඹිලිපිටියෙන් ආ නවකයෝ අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.