Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලකුණු 26-5 ලෙස පොලිස් කණ්ඩායම පරාජයට පත්කල මහනුවර ක්‍රීඩා සමාජය අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ’කුසලාන ශූරතාව දිනාගත්තේය. තරගාවලියේ පළමු වටය ඊයේ සහ අද කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණ.
කුසලාන ශූරතාවලියේ අවසන් පූර්ව වටයේ පැවති තරගයන්හිදී පොලිසියේ ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 17-12 ලෙස නාවික හමුදාවේ ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදි. අනෙක් අවසන් පූර්ව තරගයේදී සී. එච්. සහ එෆ්. සී කණ්ඩායම ලකුණු 26-21 ලෙස පරාජයට පත්කල මහනුවර ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
කුසලාන ශූරතා අවසන් තරගයේ ආරම්භයේ සිටම පොලීසිය කණ්ඩායමට කිසිසේත් හිස එසවීමට අවස්ථාවක් නොදුන් මහනුවර ක්‍රීඩා සමාජය උත්සාහක දිනුමක් ලබාගත් අතර එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් තරගයට අවතීර්ණ විය.
පළමු අර්ධය අවසානයේ ලකුණු 7-0 ලෙස පෙරමුණ ගත් මහනුවර ක්‍රීඩා සමාජය දෙවන අර්ධය ආරම්භ වී විනාඩි කිහිපයක් යාමට මත්තෙන් නැවතත් උත්සාහක දිනුමක් ප්‍රවර්තනය කරමින් ලකුණු 14-0 ලෙස පෙරමුණ ලබා ගත්තේය. මහනුවර කණ්ඩායම ලකුණු 21 ලබා සිටියදී පොලිසියේ පළමු උත්සාහක දිනුම වාර්තා වුවත් එවිටම ජයග්‍රහණයේ වැඩි බර මහනුවර කණ්ඩායම සතු වී තිබිණ.
අවසන් මිනිත්තුවේදී පවා තරගය අත් නොහළ මහනුවර ක්‍රීඩා සමාජය තරගයේ අවසානය පෙනි පෙනීත් උත්සාහක දිනුමක් ලබා ලකුණු 26-5 ලෙස තරගය අවසන් කළේය.
ලකුණු 29-7 ක් ලෙස නාවික හමුදා ‘සී’ කණ්ඩායම පරාජයට පත්කළ ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම පළිහ ශූරතාවයේ පෙරමුණ ලබා ගනිද්දි, බඳුන ශූරතාවයේ පෙරමුණ ගැනීමට පොලිස් ‘බී’ කණ්ඩායමට හැකි විය. ඔවුන් හමුවේ ලකුණු 19-14 ලෙස පරාජයට පත් වූයේ සී.එච්. සහ එෆ්.සී ‘බී’ කණ්ඩායමයි.
කොළඹ ඊගල්ස් කණ්ඩායම පරාජයට පත්කළ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පළඟ ශූරතාවයේ පෙරමුණ ලබා ගනිද්දී, යුද හමුදාව පරාජයට පත්කළ නාවික හමුදා කණ්ඩායම එම අංශයේම පෙරමුණ ගත්තේය.
කුසලාන ශූරතාව
අවසන් මහ තරගය
මහනුවර ක්‍රීඩා සමාජය විසින් ලකුණු 26-5 ලෙස පොලිසියේ ‘ඒ’ කණ්ඩායම පරාජය කරමින් කුසලාන ශූරතාව දිනා ගත්තේය.
අවසන් පූර්ව තරග
පොලිසියේ ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 17-12 ලෙස ගුවන් හමුදාවේ ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදී.
මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් ලකුණු 26-21 ලෙස සී.එච් සහ එෆ්.සී ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදී.
පළිහ ශූරතාව
අවසන් මහ තරගය
ගුවන් හමුදාවේ ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 29-7 ලෙස නාවික හමුදාවේ ‘සී’ කණ්ඩායම පරාජයට පත් කරමින් පළිහ ශූරතාව දිනා ගත්තේය.
අවසන් පූර්ව තරග
ගුවන් හමුදාවේ ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 36-12 ලෙස ගාල්ල ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදී.
නාවික හමුදාවේ ‘සී’ කණ්ඩායම තරගයකින් තොරවම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
බදුන ශූරතාව
අවසන් මහ තරගය
පොලිසියේ ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 19-14 ලෙස සී.එච් සහ එෆ්.සී ‘බී’ කණ්ඩායම පරාජයට පත් කරමින් බදුන ශූරතාව දිනා ගත්තේය.
අවසන් පූර්ව තරග
පොලිසියේ ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 21-15 ලෙස යුද හමුදාවේ ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.
සී.එච් සහ එෆ්.සී ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 33-7 ලෙස පීටර්සන් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී.
පළඟ ශූරතාව
අවසන් මහ තරගය
නාවිකා හමුදාවේ ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 22-19 ලෙස යුද හමුදාවේ ‘ඒ’ කණ්ඩායම පරාජයට පත් කරමින් පළඟ ශූරතාව දිනා ගත්තේය.
අවසන් පූර්ව තරග
නාවිකා හමුදාවේ ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 24-12 ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී.
යුද හමුදාවේ ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 29-5 ලෙස නාවික හමුදාවේ ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.
ඡායාරූපය : චතුර එස්. කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.