Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ෆීජි හමුවේ වේල්සයට පෙරළිකාර ජයක්
ලෝක කුසලාන රග්බි

ෆීජි හමුවේ වේල්සයට පෙරළිකාර ජයක්

editorial - 2023 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඊයේ (10 වැනිදා) පැවැති තරගයකදී ෆීජි කණ්ඩායමට එරෙහිව ලකුණු 32-26 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට වේල්සය සමත් විය. මෙම ජයග්‍රහණයක් සමග ලෝක ‍රග්බි ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට වේල්සය සමත් වෙද්දී, එහිදී ලැබූ පරාජයත් සමග ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා පසුබැසීමට ෆීජි කණ්ඩායමට සිදුවිය.

බෝඩෝ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 18-14 ක් ලෙස පෙරමුණ ගැනීමට වේල්සය සමත් විය. එහිදී ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් වේල්සය ලකුණු ලබාගත් අතර ෆීජි කණ්ඩායම ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක් මගිනි. දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක් මගින් වේල්සය 14 ක් ලකුණු රැස්කරද්දී, ෆීජි කණ්ඩායම ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 12 ක් රැස්කළේය.

එහිදී වේල්සය වෙනුවෙන් ජොෂ් ඇඩම්ස් (7 වැනි විනිඩියේදී), ජෝජ් ‍නෝත් (29 වැනි විනාඩියේදී), ලුවිස් රීස් (48 වැනි විනාඩියේදී) සහ එලියට් ඩී (66 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් 3 ක ප්‍රවර්ථනයන් සහ වේල්සයට හිමිවූ දඬුවම් පහර 2 ක් සාර්ථක කරගැනීමට ඩෑන් බිගර් සමත් විය. ඒ අනුව තරගය පුරා ලකුණු 12 ක් රැස්කළ ඩෑන් තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.

වයිසියා නය‍චලෙව් (13 වැනි විනාඩියේදී), ලෙකිමා තගිටගිවලු (17 වැනි විනාඩියේදී), ජොෂුවා තුයිසෝවා (73 වැනි විනාඩියේදී) සහ මෙසකේ ඩොගි (78 වැනි විනාඩියේදී) ෆීජි කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් 2 ක ප්‍රවර්ථන සාර්ථක කරගැනීමට ෆ්‍රෑන්ක් ලොමානි සමත් වූ එක් ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට ටෙටී ටෙලා සමත් විය.

මේ අතර පෙරේදා (9 වැනිදා) පැවැති තරගවලදී ආජන්ටිනාවට එරෙහිව ලකුණු 27-10 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තයත්, චිලී රාජ්‍යයට එරෙහිව ලකුණු 32-26 ක ජයක් වාර්තා කිරීමට ජපානයත්, ස්කොට්ලන්යට ‍එරෙහිව ලකුණු 18-03 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාවත් සමත් විය. දින 3 ක විවේකයකින් අතුරුව තරගාවලිවලියේ සෙසු තරග ආරම්භ වන අතර විවේකය නිමා කරමින් එළබෙන 14 වැනිදා සත්කාරක ප්‍රංශයට එරෙහිව උරුගුවේ කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය. 

-036


අදහස් (0)

ෆීජි හමුවේ වේල්සයට පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.