Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ෆීජි අර්ධ අවසන් පූර්ව වටය අබියස
ලෝක කුසලාන රග්බි - 2023

ෆීජි අර්ධ අවසන් පූර්ව වටය අබියස

editorial - 2023 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියක පිළිමළුන් පිටුදැකීමේ වටයට ආසන්න වී සිටින ෆිජී ක්‍රීඩකයෝ තවත් දින දෙකකින් එළැඹෙන තරගයේදී පෘතුගාලය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවෙන් සිටිති. 

ඕස්ටේ්‍රලියානුවන් මවිත කරමින් 22-15 ක ජයක් ලබාගත් ෆිජි කණ්ඩායම ජෝර්ජියාව ලකුණු 17-12 ක් ලෙසින් පරාජය කළේය. ඒ සමගම ඔව්හු ලෝක කුසලාන තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයට ඉතාමත් ආසන්න වූහ. 

ප්‍රසාද ලකුණු 10 ක් හිමි ෆිජි පිල මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයේ සිටින නමුත් මූලික වටයේ තරග සියල්ලම අවසන් වී ඇති ඕස්ටේ්‍රලියාව සහ ෆිජි පිල අතර ඇත්තේ ලකුණක පරතරයක් පමණි. වේල්සය හමුවේ ඔවුන් පරාජය වූයේ ලකුණු 32-26 ක් ලෙසිනි. 

පෘතුගාල කණ්ඩායම පරාජය කළ හැකි නම් ලෝක කුෂලාන තරගාවලියේ දී පිළිමළුන් පිටුදැකීමේ වටයට යාමට ෆිජි ක්‍රීඩකයන්ට හැකිවනු ඇත. 

ෆිජි ක්‍රීඩකයන් උත්සාහක දිනුම් ලබාගන්නේ කිසිවකුට සිතාගැනීමට වත් නොහැකි ආකාරයෙනි. ඒංගලන්තයේ ට්වීකන්හැම් නුවරදී පැවැති ලෝක කුසලාන පුහුණු තරගයකදී ෆිජි ක්‍රීඩකයෝ එංගලන්තයත් පරාජය කළහ. 

වේල්සය සහ ජෝර්ජියාව අතර තරගයත් එංගලන්තය සහ සැමෝවා අතර තරගයත් අද රාත්‍රියේදී පැවැත්වෙයි. 

- 213


අදහස් (0)

ෆීජි අර්ධ අවසන් පූර්ව වටය අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.