Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හොං කොං පිලෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක්

හොං කොං පිලෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක්

editorial - 2022 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවර සිට..)

ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව සහ හොං කොං කණ්ඩායම අතර ඉන්චියෝන් නුවර නම්දොන් ඒෂියාඩ් රග්බි ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති මූලික වටයේ තරගයෙන් ලකුණු 40-00 ක පහසු ජයක් වාර්තා කිරීමට හොං කොං ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමු අර්ධය අවසන් වන විට ලකුණු 21-00 ක් ලෙස පෙරමුණ ගත් හොං කොං ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදීී සිය කණ්ඩායමට තවත් ලකුණු 19 ක් එක්කර ගැනීමට සමත් වූහ. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එක් ලකුණක් හෝ රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදීමටද හොං කොං ක්‍රීඩකයෝ වග බලාගත්හ.

පළමු අර්ධයේදී හොං කොං කණ්ඩායම වෙනුවෙන් ජේම්ස් ක්‍රිස්ටි උත්සාහක දිනුම් දෙකක්ද, සෙබස්තියන් බ්‍රයන් එක් උත්සාහක දිනුමක්ද ලබාගත් අතර එම උත්සාහක දිනුම් 3 හිම ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට රසල් වෙබ් සමත් විය.

ලයෑම් ඩොහාර්ටි, ජේම්ස් ක්‍රිස්ටි සහ සෙබස්තියන් බ්‍රයන් පිළිවෙලින් දෙවැනි අර්ධයේදීදී උත්සාහක දිනුම් වාර්තා කළ අතර ‍ඉන් දෙවැනි සහ තෙවැනි උත්සාහක දිනුම් ගෝල දිනුම් බවට පත්කරනු ලැබුවේ ජේම්ස් හුඩ් විසිනි.


අදහස් (0)

හොං කොං පිලෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.