Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හොං කොං ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට බැට‍දෙති

හොං කොං ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට බැට‍දෙති

editorial - 2022 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවර සිට..)

ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ දෙවැනි අදිය‍ර යටතේ ශ්‍රී ලංකාව අද (12 වැනිදා) සහභාගි වූ මූලික වටයේ දෙවැනි තරගය හොං කොං  කණ්ඩායම හමුවේ ලකුණු 47-00 ක් ලෙස පරාජයට පත්විය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලැබූ දෙවැනි පරාජය මෙය විය.

ඉන්චියොන් නුවර නම්දොන් ඒෂියාඩ් රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 20-00 ක් ලෙස පෙරමුණ ගෙන සිටි හොං කොං ක්‍රීඩිකා‍වෝ, දෙවැනි අර්ධයේදී සිය කණ්ඩායමට තවත් ලකුණු 27 ක් එක්කර ගත්තේය.

හොං කොං කණ්ඩායම වෙනුවෙන් ජෙසිකා ඒඩ්න් පළමු, තෙවැනි සහ 7 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් 3 ක්ද, ජෝජියා රිවර්ස් 5 වැනි සහ 11 වැනි විනාඩිවලදි උත්සාහක දිනුම් 2 ක්ද, හෝයි යන් පූන් 10 වැනි සහ 14 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් 2 ක්ද, කා මාන් නම් (8 වැනි විනාඩියේදී) සහ ස්ටෙෆින් චොර් (13 වැනි විනාඩියේදී) එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත්හ.

එම උත්සාහක දිනුම් 9 සඳහා ලද ප්‍රවර්ථන සියල්ලටම මුහුණදුන් හෝයි යන් පූන්ට සාර්ථක කරගත හැකි වූයේ ඉන් එක් ප්‍රවර්ථනයක් පමණි. එහිදී හොං ‍කොං කණ්ඩායමේ ඉයන් මොනගන් විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පතක්ද ලැබුවාය.

 


අදහස් (0)

හොං කොං ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට බැට‍දෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.