Last Update  :  2024-09-20 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක් ක්‍රීඩකයෝ සී.එච්. පිල පරදවති

හැව්ලොක් ක්‍රීඩකයෝ සී.එච්. පිල පරදවති

editorial - 2024 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ කුසලාන වටය යටතේ ඊයේ (17 වැනිදා) රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයෙන් සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 28-11 ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමටද හැව්ලොක් ක්‍රීඩකයෝ සමත් වූහ.  

පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 10-08 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූ හැව්ලොක් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 18 ක් ලබාගත්හ. සී.එච්. කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. හැව්ලොක් කණ්ඩායම ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබාගත් අතර සී.එච්. කණ්ඩායම ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගිනි. 

හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් සුදේෂ් ජයවික්‍රම 22 වැනි විනාඩියේදීද, ජනිඳු යසස් 62 වැනි විනාඩියේදී, චතුර දිල්ෂාන් 67 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් උත්සාහක දිනුම් 2 ක ප්‍රවර්ථනයන් මෙන්ම හැව්ලොක් කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 2 ක්ද සාර්ථක කරගැනීමට සැමුවෙල් මධුවන්ත සමත් විය. 

සී.එච්. කණ්ඩායමේ ජනිත් ලක්සර 29 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් අතර සී.එච්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 2 ක් සාර්ථක කරගනු ලැබුවේ රෝහිත රාජපක්ෂ විසිනි. හැව්ලොක් කණ්ඩායමේ ක්‍රිස්ටියන් ඩි’ලී සහ සුදේෂ් ජයවර්ධනද, සී.එච්. කණ්ඩායමේ අබ්සාල් මොහොමඩ්, දිනේෂ් ලක්ෂාන් සහ ජනිඳු දිල්ෂාන්ද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබූහ. 

 


අදහස් (0)

හැව්ලොක් ක්‍රීඩකයෝ සී.එච්. පිල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.