Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.එච්. හමුවේ ගුවන් ප්‍රහාර අසාර්ථක වෙයි
අන්තර් සමාජ පළමු පෙළ

සී.එච්. හමුවේ ගුවන් ප්‍රහාර අසාර්ථක වෙයි

editorial - 2024 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පස්වැනි සතිය යටතේ කොළඹ, රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (6 වැනිදා) පැවැති තරගයෙන් ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 14-10 ක තියුණු ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 07-03 ක් ලෙස පෙරමුණ ගත් සී.එච්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 7 ක් එක්කර ගත්හ. ගුවන් හමුදාවද දෙවැනි අර්ධයේදී ලකුණු 7 ක් ලබාගත් නමුත්, පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව සී.එච්. කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිවිය.
 
එහිදී සී.එච්. කණ්ඩායම ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර ගුවන් හමුදාව ලකුණු ලබාගත්තේ දඬුවම් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි. ගුවන් හමුදාව වෙනුවෙන් ගයන්ත ඉද්දමල්ගොඩ එම දඬුවම් පහර සාර්ථක කරගත්තේය. 

සී.එච්. කණ්ඩායම වෙනුවෙන් ප්‍රසාත් මධුෂංක (4 වැනි විනාඩියේදී) සහ දිනේෂ් ලක්ෂාන් (41 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් ලබාගත් අතර එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ හිරුෂ නෙත්මින විසිනි. 

එහිදී සී.එච්. කණ්ඩායමේ දිනේෂ් ලක්ෂාන් 20 වැනි විනාඩියේදීද, හිරුෂ නෙත්මින 52 වැනි විනාඩියේදීද, අවන්ත ලී 54 වැනි විනාඩියේදීද, අබ්සාල් මොහොමඞ් 75 වැනි විනාඩියේදීද, ගුවන් හමුදාවේ ඉසුරු ජයරත්න 58 වැනි විනාඩියේදීද විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඞ්පත් ලැබූහ. 


අදහස් (0)

සී.එච්. හමුවේ ගුවන් ප්‍රහාර අසාර්ථක වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.