Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.එච්. පිලට ලකුණක තියුණු ජයක්
අන්තර් සමාජ පළමු පෙළ

සී.එච්. පිලට ලකුණක තියුණු ජයක්

editorial - 2024 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හත්වැනි සතිය යටතේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ සෙනසුරාදා (20 වැනිදා) පැවැති තරගයෙන් යුද හමුදාවට එරෙහිව ලකුණු 18-17 ක තියුණු ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග යළිත් වරක් ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද සී.එච්. කණ්ඩායමට හැකි විය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 03-07 ක් ලෙස පෙරමුණ ගත් සී.එච්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 11 රැස්කිරීමට සමත් වූහ. යුද හමුදාව දෙවැනි අර්ධයේදී ලකුණු 14 ක් ලබාගත් නමුත්, පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව සී.එච්. කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිවිය. 

එහිදී සී.එච්. කණ්ඩායම ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබාගත් අතර යුද හමුදාව ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගිනි. එහිදී සී.එච්. කණ්ඩායමේ අංජුල හෙට්ටිආරච්චි 9 වැනි විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඞ්පතක් ලැබූ අතර 53 වැනි විනාඩියේදී දෙවැනි කහ කාඞ්පත සමගින් රතු කාඞ්පතක්ද ලබා තරගයෙන් ඉවත්ව ගියේය. 

සී.එච්. කණ්ඩායම වෙනුවෙන් ප්‍රසාත් මධුෂංක (37 වැනි විනාඩියේදී) සහ නිරෝෂ් පෙරේරා (68 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් පළමු උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය මෙන්ම 40 වැනි සහ 57 වැනි විනාඩිවලදී සී.එච්. කණ්ඩායමට ලැබුණු දඬුවම් පහර 2 ක් සාර්ථක කරගනු ලැබුවේ හිරුෂ නෙත්මින විසිනි. 

නාලක මධුරංග 47 වැනි විනාඩියේදීද, කවීන් පෙරේරා 65 වැනි විනාඩියේදීද යුද හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් මෙන්ම 17 වැනි විනාඩියේදී යුද හමුදාවට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට අෂාන් බණ්ඩාර සමත් විය. සෙසු උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් එය ගෝල දිනුමක් බවට පත් කරනු ලැබුවේ ලක්ෂාන් ජයවික්‍රම විසිනි. 


අදහස් (0)

සී.එච්. පිලට ලකුණක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.