Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.එච්. - මහනුවර තරගය කල්යයි

සී.එච්. - මහනුවර තරගය කල්යයි

editorial - 2022 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව, වැළිසර නාවික හමුදා කඳවුරේ පිහිටි නාවික හමුදා ක්‍රීඩාංගණයේදී හෙට (03 වැනිදා - ඉරිදා) පැවැත්වීමට නියමිතව තිබූ රග්බි තරගය සතියකින් කල් දමා ඇතැයි මහනුවර ක්‍රීඩා සමාජය සිය නිල ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබේ.

මෙම තරගය හෙට (03 වැනිදා - ඉරිදා) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතව තිබුණු අතර සී.එච්. පිල නියෝජනය කරන රෝහිත රාජපක්‍ෂ ඊට සහභාගි වීමට සූදානමින් සිටියේය. මෙම තරගය රෝහිත රාජපක්‍ෂගේ ද අවසන් රග්බි තරගය යයි නිවේදනය කර තිබිණ.

තරගය වැළිසරට ගෙන ගොස් ඇත්තේ ද රෝහිත රාජපක්‍ෂගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් බව මහනුවර ක්‍රීඩා සමාජය නිල ෆේස් බුක් පිටුවේ සටහන් කර තිබිණ. මෙම තරගය නැරඹීම සඳහා නරඹන්නන්ට අවස්ථාවක් නොලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව පළකරන බවත් මහනුවර ක්‍රීඩා සමාජය ඊට පැය කිහිපයකට කලින් පළකරන ලද තවත් සටහන් කිහිපයකින් දන්වා තිබිණ.

තරගය නාවික හමුදා ක්‍රීඩාංගණයට ගෙන යාමෙන් පසුව ඒ සම්බන්ධයෙන් මහනුවර ක්‍රීඩා සමාජය සිය අප්‍රසාදය පළකර ඇතැයි ද දැනගන්නට තිබේ. ඒ සමගම වාගේ මහනුවර ක්‍රීඩා සමාජය සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් දමා ඇත්තේ තරගය ලබන සතිය දක්වා කල්දැමීමට තීරණය කළ බවයි.

තරගය කල්දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි ආයතනයෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ ක්‍රීඩා සමාජයකට උවමනා වූ පළියට තරග කල්දැමිය නොහැකි බවයි.

“තරගයක් කල්දාන්න නම් ඒ වෙනුවෙන් වැදගත්, සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. අනෙක ඒ වගේ තීරණයක් ගන්නේ රග්බි ආයතනයේ තරග කමිටුවෙන් මිසක් ක්‍රීඩා සමාජ වලින් නෙමේ... දැන් මේ ක්‍රීඩාව එහෙම පිටින්ම අවුල් කරලා දාලා.. කවුරු මේවායේ තීන්දු ගන්නවාද, ඒවායේ පදනම මොකක්ද කියන එක කව්රුවත් දන්නේ නෑ” යයි ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

පසුගිය සතියේ පැවැති තරගයේදී සී.එච්. පිල හමුවට උත්සාහක දිනුම් වරුසාවක් ගෙන ආ හැව්ලොක්ස් ක්‍රීඩකයෝ එම තරගයේදී 38 - 15 ක දැවැන්ත ජයක් ලබාගත්හ. මහනුවර පිල සහ සී.එච්. පිල අතර නිත්තවෙලදී පැවැති මූලික වටයේ තරගයේදී මහනුවර පිල ජයගත්තේ ලකුණු 39- 03 කිනි.

- 213

 


අදහස් (0)

සී.එච්. - මහනුවර තරගය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.