Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. පිලෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්
අන්තර් සමාජ ලීග් රග්බි

සී.ආර්. පිලෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්

editorial - 2022 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළඟ වටය ආරම්භ කරමින් රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති තරගයකදී ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 14-10 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.

ගුවන් හමුදාවට ලකුණු ලබාගැනීමට ඉඩක් නොදෙමින් දඬුවම් පහර 3 ක් සමග ලකුණු රැස්කළ සී.ආර්. ක්‍රීඩකයෝ, පළමු අර්ධය අවසානයේ ලකුණු 09-00 ක් ලෙස පෙරමුණ ගත්හ. එහිදී සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් තරගයේ 7 වැනි, 17 වැනි සහ 36 වැනි විනාඩිවලදී යසස් කවිඳු මුතුතන්ත්‍රිගේ දඬුවම් පහර 3 සාර්ථක කරගත්තේය.
 
දෙවැනි අර්ධයේදී ගුවන් හමුදා කණ්ඩායම ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලකුණු 10 ක් රැස්කරද්දී, සී.ආර්. කණ්ඩායමට ලබාගත හැකිවූයේ එක් උත්සාහක දිනුමක් පමණි. කෙසේ වුවත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව ලකුණු 14-10 ක් ලෙස තරගයේ ජය සී.ආර්. කණ්ඩායමට හිමිවිය.

නිර්මාල් වික්‍රමසිංහ තරගයේ 44 වැනි විනාඩියේදී ගුවන් හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගත්තේය. එහි ප්‍රවර්ථනය මෙන්ම 60 වැනි විනාඩියේදී ගුවන් හමුදාවට හිමිවූ දඬුවම් පහරද සාර්ථක කරගනු ලැබුවේ ගයන්ත ඉද්දමල්ගොඩ විසිනි. ගැමුණු චේතිය 55 වැනි විනාඩියේදී සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම ලබාගත්තේය.

සී.ආර්. කණ්ඩායමේ ධනංජය දේවගේ (42 වැනි විනාඩියේදී) සහ යොහාන් කනිෂ්ක (61 වැනි විනාඩියේදී) ද, ගුවන් හමුදා කණ්ඩයමේ ෆාරිස් අලී (47 වැනි විනාඩියේදී) ද මෙම තරගයේදී විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පතක් ලැබූහ. තරගය තුළදී සී.ආර්. කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 4 ක්ද, ගුවන් හමුදා කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 8 ක්ද සිදු කළහ.

 


අදහස් (0)

සී.ආර්. පිලෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.