Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ පෙරමුණ රැකගනිති
රග්බි ලීගය

සී.ආර්. ක්‍රීඩකයෝ පෙරමුණ රැකගනිති

editorial - 2024 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ කුසලාන වටය යටතේ ඊයේ (11 වැනිදා) කොළඹ රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයෙන් සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා එරෙහිව ලකුණු 32-12 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමටද සී.ආර්. කණ්ඩායමට හැකි විය. 

තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 14-05 ක් ලෙස පෙරමුණ ගත් සී.ආර්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 18 ක් එක්කර ගත්හ. එහෙත් සී.එච්. කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. 

සී.ආර්. කණ්ඩායම ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබාගනිද්දී, සී.එච්. කණ්ඩායම ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගිනි. සී.ආර් කණ්ඩායමේ සෙනුර පෙරේරා 38 වැනි විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඞ්පතක් ලැබීය. 

සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් ලසිඳු කරුණාතිලක (28 වැනි සහ 63 වැනි විනාඩිවලදී) උත්සාහක දිනුම් 2 ක් ලබාගත් අතර ඉරංග ආරියපාල (14 වැනි විනාඩියේදී) සහ අමිත් ගුණසිංහ (68 වැනි විනාඩියේදී) එක් උත්සාහක දිනුම බැගින් ලබාගත්හ. 

ඉන් උත්සාහක දිනුම් 2 ක ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට මනිල්ක රුබේරු සමත් වූ අතර තවත් ප්‍රවර්ථනයක් මෙන්ම 42 වැනි සහ 48 වැනි විනාඩිවලදී සී.එච්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 2 ක් සාර්ථක කරගැනීමට චතුර සෙනෙවිරත්න සමත් විය.  

ප්‍රසාත් මධුෂංක 39 වැනි විනාඩියේදීද, නිරෝෂ් පෙරේරා 45 වැනි විනාඩියේදීද සී.එච්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කරගනු ලැබුවේ මලික්ෂ පෙරේරා විසිනි. 

 

(ඡායාරූප - ලහිරු හර්ෂණ)


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ පෙරමුණ රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.