Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ අපරාජිතව පෙරට
අන්තර් සමාජ පළමු පෙළ

සී.ආර්. ක්‍රීඩකයෝ අපරාජිතව පෙරට

editorial - 2024 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ කුසලාන වටය යටතේ අද (2 වැනිදා) හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 12-09 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් මෙම තරගාවලිය තුළ සිය අපරාජිත බව රැකගැනීමටද සී.ආර්. කණ්ඩායමට හැකි විය. 

පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 05-03 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූ සී.ආර්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 7 ක් ලබාගැනීමට සමත් වූහ. දෙවැනි අර්ධයේදී ලකුණු 6 ක් රැස්කිරීමට හැව්ලොක් ක්‍රීඩකයන් සමත් වුවද, සී.ආර්. කණ්ඩායම පසුකර යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය.  

සී.ආර්. කණ්ඩායම ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර හැව්ලොක් කණ්ඩායම ලකුණු ලබාගත්තේ දඬුවම් පහර 3 ක් මගිනි. හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් සැමුවෙල් මධුවන්ත එම දඬුවම් පහර 3 සාර්ථක කර ගත්තේය. 

සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් සුබේර් දොරේ 20 වැනි විනාඩියේදීද, අමිත් ගුරුසිංහ 69 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට මනිල්ක රුබේරු සමත් විය. 

සී.ආර්. කණ්ඩායමේ නවීන් මාරසිංහ 23 වැනි විනාඩියේදීද, හැව්ලොක් කණ්ඩායමේ ඔලිවර් බක්ල් 68 වැනි විනාඩියේදීද නිති විරෝධී ක්‍රියාවන් හේතුවෙන් විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඞ්පත් ලැබූහ. 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ අපරාජිතව පෙරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.