Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති
අන්තර් සමාජ පළමු පෙළ

සී.ආර්. ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

editorial - 2024 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හයවැනි සතිය යටතේ ඊයේ (13 වැනිදා) ලොන්ඩන් පෙදෙස සී.අර්. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 25-10 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමටද සී.ආර්. කණ්ඩායමට හැකි විය. 

ආරම්භයේ සිටම කණ්ඩායම් දෙක කරට කර සටනක නිරත වූ අතර පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 07-03 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට හැව්ලොක් ක්‍රීඩකයෝ සමත් වූහ. පළමු අර්ධයේදී යම් පසුබෑමකට ලක්වුවද, දෙවැනි අර්ධයේදී අළු ගසා දමා නැඟිටි සී.ආර්. ක්‍රීඩකයෝ ලකුණු 22 ක් රැස්කළහ. එහිදී හැව්ලොක් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. 

සී.ආර්. කණ්ඩායම ගෝල දිනුමක්, උත්සාහක දිනම් 3 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගනිද්දී, හැව්ලොක් කණ්ඩායම ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි. එහිදී හැව්ලොක් කණ්ඩායමේ ෆයිස් අබ්දුල්ලා තරගයේ 30 වැනි විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඞ්පතක් ලැබීය.
 
සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් ගැමුණු චේතිය 46 වැනි විනාඩියේදීද, ලසිඳු කරුණාතිලක 61 වැනි විනාඩියේදීද, කුෂාන් තරිඳු 74 වැනි විනාඩියේදීද, කවීන් ශ්‍රී විකුම් 78 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට තේනුක නානායක්කාර සමත් වෙද්දී, 32 වැනි විනාඩියේදී සී.ආර්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගනු ලැබුවේ සුබේර් දෝරේ විසිනි. 

උදාර ජයපයියා 8 වැනි විනාඩියේදී හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ සැමුවෙල් මධුවන්ත විසිනි. 55 වැනි විනාඩියේදී හැව්ලොක් කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය.  


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.