Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී. එච්. පිලට අමතක නොවන පාඩමක්

සී. එච්. පිලට අමතක නොවන පාඩමක්

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩකයන්ට සෑහෙන කාලයක් යනතුරු අමතක නොවන අන්ත පරාජයක් උරුම කර දුන් මහනුවර ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඞ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රගර් තරගාවලියේ සිය පළමු තරගය ලකුණු 121-3 ක දැවන්ත ජයකින් සැමරීමට සමත්විය. ඒ සමගම සී.එච්. පිල තරගාවලියෙන් ඉවතට විසිවූ අතර මහනුවර පිල ලබන 22 වැනිදා නිත්තවෙලදීම ඊයේ පැවැති අනික් අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජයගත් සී.ආර්.පිල සමග අවසන් පූර්ව වටයට එක්වීමට නියමිතය.

නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ඊයේ පස්වරුවේ පැවැති මේ තරගයේ දී සත්කාරකයන් උත්සාහක දිනුම් 19 ක්ම තබමින් සී.එච්. පිල අන්ත අසරණ කළ අතර ඉදිරි තරගවලට මුහුණට මුහුණ හමුවන සෙසු ප්‍රතිවාදීන්ටත් තම ‘හයිය‘ පෙන්වා සිටියහ.

මේ තරගය තනිකරම ඒකපාර්ශ්වික තරගයක් බවට පත්කරගත් මහනුවර පිලේ ක්‍රීඩකයන්ට උත්සාහක දිනුම් ගලා එන්නට වූයේ එක දිගටමය. විශ්වමිත්‍ර ජයසිංහ සහ රිචඞ් ධර්මපාල උත්සාහක දිනුම් 4 බැගින් තැබූ අතර ධනුෂ්ක රන්ජන් සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් 2 බැගින් තැබූහ. තිළිණ විජේසිංහ, යාකුබ් අලි, තරිඳු චතුරංග, රොෂාන් වීරරත්න, බුවනෙක උඩංගමුව, ලවංග පෙරේරා සහ අර්ෂද් ජමාල්ඩීන් ද උත්සාහක දිනුම බැගින් තැබූහ. මහනුවර පිල තැබූ උත්සාහක දිනුම් 19 න් 13 ක්ම ගෝල බවට පත්විය.

ඉන් 11ක්ම තිළිණ විජේසිංහ විසින් ගෝල බවට පත් කරනු ලැබූ අතර තවත් එකක් අර්ෂද් ජමාල්ඩීන් ද, ඉතිරිය යාකුබ් අලී ද ගෝල බවට පත් කළහ.

සී.එච්. පිලට ලකුණු 3 ගෙනදුන් දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ ෂම්රි බූරා විසිනි.

තිළණ විජේසිංහ තරගයේ මුලදීම තැබූ පහසු උත්සාහක දිනුමකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ මහනුවර පිල ඊළඟ මිනිත්තු කිහිපයේ විශ්වමිත්‍ර ජයසිංහ පිට පිට තැබූ උත්සාහක දිනුම් 2කින් ලකුණු සංඛ්‍යාව 19-0කින් ඉහළ දමාගත්තේය. අනතුරුව මහනුවර පිලේ ප්‍රබලතම ක්‍රීඩකයන් දෙදෙනකු වන ධනුෂ්ක රන්ජන් සහ රිචඞ් ධර්මපාල අතරේ උත්සාහක දිනුම් 3ක් බෙදී ගිය අතර ඉන් 2ක්ම තැබූවේ ධනුෂ්කය. මහනුවර පිලේ 7 වැනි උත්සාහක දිනුම යාකුබ් අලී තබද්දී ඊට මිනිත්තු කිහිපයකට පසුව තරිඳු චතුරංගගේ උත්සාහක දිනුම වාර්තා විය.

පළමු භාගය නිමාවීමට පෙර රිචඞ් ධර්මපාලගේ දෙවැනි උත්සාහක දිනුමත් සමග පළමු භාගය නිමාවූයේ ලකුණු 57-0කින් ලෙස පූර්ණ ගෞරවය මහනුවරට ලබා දෙමිනි.

විශ්වමිත්‍ර ජයසිංහගේ තුන්වැනි උත්සාහක දිනුමෙන් ආරම්භ වූ දෙවැනි භාගයේ දී නායක රොෂාන් වීරරත්න තැබූ මහනුවර පිලේ 11 වැනි උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ තිළිණ විජේසිංහ සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 71-0කින් ඉදිරියට ගෙන ගියේය.  ෂම්රි බූරා දඬුවම් පහරක් සාර්ථක කරමින් සී.එච්.පිලට ලකුණු 3ක් ගෙන දුන්නේ ඉන් පසුවය.

ඊළඟට තරගය නිමාවනතුරු පන්දුව සිය කණ්ඩායමේ රඳවා ගත් මහනුවර පිල ඒ අතරතුර වාරයේ තවත් උත්සාහක දිනුම් 8කටම හිමිකම් කියන්නට සමත්විය.

 

- 066


අදහස් (0)

සී. එච්. පිලට අමතක නොවන පාඩමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.