Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී. ආර්. පිලට තියුණු ජයක්

සී. ආර්. පිලට තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පෙරළිකාර ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු 36-33 ක තියුණු ජයක් වාර්තා කළ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඞ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මහනුවර පිලට එරෙහිව අවසන් පූර්ව වටයේ තැනක් වෙන් කරගත්තේය.

කොළඹ තුරඟ තරග පිටියේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගයට සටන්කාමී අයුරින් එක්වූ ගුවන් හමුදා පිල අවසන් මොහොත වෙද්දී ලකුණු 33-29කින් පෙරමුණේ පසුවූයේ ජයග්‍රහණය පෙනි පෙනීය. එහෙත් නලීන් කුමාර තැබූ අගනා උත්සාහක දිනුමත්, කවිඳු ඩි කොස්තා එය සාර්ථකව ගෝලයක් බවට පත් කිරීමත් නිසා නොතිබූ ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට සී.ආර්.පිල සමත්විය.

තරගයේ ආරම්භයේදීම කදිම උත්සාහක දිනුමක් තැබූ නායක ගයන්ත ඉද්දමල්ගොඩ එය ගෝලයක් බවට පත් කරමින් ගුවන් හමුදා පිල ලකුණු 7-0-කින් ඉදිරියට ගෙන ගිය අතර ඊට මිනිත්තු කිහිපයකට පසුව දඬුවම් පහරක් සාර්ථක කරගත් නලීන් කුමාර සී.ආර්.පිලට ලකුණු 3ක් ගෙන දුන්නේය.

ඊට මොහොතකට පසුව පිට පිට උත්සාහක දිනුම් 2ක් තැබූ කවිඳු පෙරේරා සී.ආර්.පිලට ලකුණු 17-7කින් පෙරමුණ ගෙන දුන්නේ එම උත්සාහක දිනුම් 2ම නලීන් කුමාර විසින් ගෝල බවට පත් කරනු ලැබීමෙනි.

එහෙත් පළමුභාගය නිමාවීමට පෙර සුපුන් මධුසංඛ තැබූ උත්සාහක දිනුමෙන් ලකුණු පරතරය 17-12කින් අඩු කිරිමට ගුවන් හමුදා පිලට හැකිවිය.

දෙවැනි භාගයේ ආරම්භයේදී සෂාන් මොහොමඞ් තැබූ උත්සාහක දිනුමකින් ලකුණු 22-12කින් ඉදිරියට ගිය රතුබැනියම් කාරයන්ට දැඩි අභියෝගයක් එල්ල කළ අංජන විනෝද් විශිෂ්ට උත්සාහක දිනුමක් තැබීමට සමත්වූ අතර එය ගෝලයක් බවට පත් කළ ඉද්දමල්ගොඩ ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 19 දක්වා ඉහළට ඔසවා තැබුවේය. ඉන් නොනැවතුණු හෙතෙම රතුබැනියම් කාරයන් අන්දමන්ද කරමින් පිට පිට උත්සාහක දිනුම් 2ක්ම තැබූ අතර ඔහු විසින්ම එම උත්සාහක දිනුම් 2ම ගෝල බවට පත් කරමින් ගුවන් හමුදා පිල ලකුණු 33කින් ඉහළට ඔසවා තබද්දී රතුබැනියම් කාරයන් සිටියේ ලකුණු 22දීය.

කෙසේවුවත් ඊට මොහොතකට පසුව පණ්ඩුක අංගම්මනගේ තැබූ කදිම උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ නලීන් කුමාර සී.ආර්.පිලේ ලකුණු සංඛ්‍යාව 29 දක්වා ඉහල දැමීමට සමත්විය.

 

- 066


අදහස් (0)

සී. ආර්. පිලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.