Last Update  :  2025-04-30 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සාන්ත තෝමස් අර්ධ අවසන් පූර්ව වටයට
ජනාධිපති කුසලාන රග්බි

සාන්ත තෝමස් අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2025 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ මූලික වටය යටතේ ඊයේ (26 වැනිදා) පැවැති තරගයකදී ගල්කිස්ස විද්‍යා විදුහලට එරෙහිව ලකුණු 59-35 ක පහසු ජයක් වාර්තා කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස්  විදුහල සමත් විය.

කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා⁣ සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 52-21 ක් ලෙස සාන්ත තෝමස් විදුහල පෙරමුණ ගත්තේය. එහිදී සාන්ත තෝමසුවෝ ගෝල දිනුම් 6 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින්ද, විද්‍යා විදුහල් ක්‍රීඩකයෝ ගෝල දිනුම් 3 ක්  මගින්ද ලකුණු ලබාගත්හ.
 
දෙවැනි අර්ධයේදී විද්‍යා  විදුහල ගෝල දිනුම් 2 ක්  මගින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 14 ක් එක්කර ගනිද්දී, සාන්ත තෝමස් විදුහලට ගෝල දිනුමක්  මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. එහෙත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය සාන්ත තෝමසුවන්ට හිමි විය.

මහනුවර ත්‍රිත්ව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර ඊයේ (26 වැනිදා) පැවැති මූලික වටයේ තරගයෙන් ජය ලැබූ ත්‍රිත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයේදී සාන්ත තෝමස් විදුහලේ ප්‍රතිවාදීන් බවට පත්වනු ඇත. එම අර්ධ අවසන් පූර්ව තරගය මැයි මස 3 වැනිදා පස්වරු 4.15 ට කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

සාන්ත තෝමස් අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.