Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ස්කොට්ලන්තය බලාපොරොත්තු අල්ලාගෙන සිටී
ලෝක කුසලාන රග්බි - 2023

ස්කොට්ලන්තය බලාපොරොත්තු අල්ලාගෙන සිටී

editorial - 2023 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටොංගාට එරෙහිව ඉරිදා (24 වැනිදා) නයිස් නුවරදී පැවැති ලෝක කුසලාන රග්බි තරගයේදී ටොංගා පිල හමුවේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණය සම්බන්ධයෙන් ස්කොට්ලන්ත පුහුණුකරු ග්‍රෙගර් ටවුන්සෙන්ඩ් මහත් සන්තුෂ්ඨියට පත්ව සිටී. ලකුණු 45-17 ක ජයග්‍රහණය හේතුවෙන් ස්කොට්ලන්තයට අතිරේක ප්‍රසාද ලකුණත් හිමිවිය.

තරගයක් පරාජය වූ නමුත් ජයගත් එකම තරගයේදී අතිරේක ප්‍රසාද ලකුණත් සමගින් ප්‍රසාද ලකුණු 5 ක් ලබාසිටින ස්කොට්ලන්ත කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තබා ඇති බලාපොරොත්තු තවමත් අතහැර දමා නැත.

ස්කොට්ලන්තය ගෝල දිනුම් 5 කින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු 45 ක් ලබාගත්තේය. ටොංගා ක්‍රීඩකයෝ ගෝල දිනුම් දෙකකින් සහ දඬුවම් පහරකින් ලකුණු 17 ක් ලබාගත්හ.

තරගයේ පස්වැනි විනාඩියේදීම ස්කොට්ලන්තයේ ජෝර්ජ් ටර්නර් උත්සාහක දිනුමක් තබමින් 5-0 ක් ලෙසින් සිය කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය. එහෙත් 21 වැනි විනාඩියේදී ලකුණු 10-7 ක් ලෙසින් ටොංගා ක්‍රීඩකයන් ඉදිරියට පැමිණියද, තරගයේ පළමු අර්ධය නිමාවේදී ස්කොට්ලන්තය ලකුණු 24-10 කින් ස්කොට්ලන්තය ඉදිරියෙන් සිටියේය.

45 වැනි විනාඩියේදී ටොංගා පිල වෙනුවෙන් ලබාගත් උත්සාහක දිනුම විලියම් හැවිලි විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීම හැර, දෙවැනි අර්ධය එහෙම පිටින්ම ස්කොට්ලන්ත ක්‍රීඩකයන්ගේ ආධිපත්‍යයට නතු විය. ස්කොට්ලන්තයේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ෆින් රසල්ගේ පා පහර පස් වතාවක්ම නිවැරදිව ක්‍රියාත්මක වීම හේතුවෙන් කණ්ඩායමට ලකුණු 10 ක් එකතු විය.

කෙසේ වෙතත් ස්කොට්ලන්ත නායක, ෆ්ලෑන්කර් ක්‍රීඩක ජැමී රිචී කම්පනය කරමින් සිදුවූ අනතුරේදී ටොංගා ක්‍රීඩක අෆුසිපා ටවුමෝපියෝට කහ කාඩ්පතින් පමණක් අවවාද කිරීම සම්බන්ධයෙන් ටවුන්සෙන්ඩ් තරමක් නොමනාපයට පත්ව සිටී.

“මගේ මතය අනුව නම් ඒක රතු කාඩ්පතක් පෙන්වා ක්‍රීඩකයාව පිටියෙන් පිටමං කළ යුතු ඝට්ටනයක්. ඒත් මේගොල්ලන් (විනිසුරුවරුන්) බලන්නේ හැම වෙලාවකදීම රතු කාඩ්පත වෙනුවට, පුළුවන් තරම් කහ කාඩ්පත් භාවිතා කිරීමයි” යයි ද පුහුණුකරුවා පැවසීය.

ක්‍රීඩකයන් දෙදෙනා අතර ඝට්ටනයේදී රිචීගේ හිසට සිදුවූ කම්පනය හේතුවෙන් ඔහුට තවත් දින 12 ක පමණ කාලයක් රග්බි පිටියෙන් ඉවත්වී සිටීමට සිදුවන බවත් වාර්තා වේ. එයින් කියැවෙන්නේ සැප්තැම්බර් 30 වැනිදා රුමේනියාවට එරෙහිව පැවැත්වෙන තරඟය ෆ්ලැන්කර් ක්‍රීඩකයාට මග හැරෙනු ඇති බවයි.

- 213


අදහස් (0)

ස්කොට්ලන්තය බලාපොරොත්තු අල්ලාගෙන සිටී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.