Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සහිරා සත් සාමාජික රග්බි මාර්තු 2 - 3 කොළඹදී

සහිරා සත් සාමාජික රග්බි මාර්තු 2 - 3 කොළඹදී

editorial - 2024 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මරදාන සහිරා විදුහලේ රග්බි ක්‍රීඩාවට වසර 100 ක් පිරීම නිමිත්තෙන් එම විදුහල සංවිධානය කරන ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලිය කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් මාර්තු මස 2 වැනිදා සහ 3 වැනිදා කොළඹ රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. 

කොළඹ සහිරා, මහනුවර ධර්මරාජ, ගල්කිස්ස සාන්ත තෝමස් සහ ගාල්ල ඇලවීෂියස් යන විදුහල් ‘ඒ’ කාණ්ඩය යටතේද, කොළඹ රාජකීය, මහනුවර ශ්‍රී සුමංගල, මරදාන ශාන්ත ජෝෂප් සහ කොළඹ ලුම්බිණී යන විදුහල් ‘බී’ කාණ්ඩය යටතේද තරගාවලියට එක්ව සිටියි. 

මහනුවර ත්‍රිත්ව, කොළඹ ඩී.එස්. සේනානායක, කොළඹ වෙස්ලි සහ කුරුණෑගල මලියදේව යන විදුහල් ‘සී’ කාණ්ඩය යටතේද, මහනුවර කිංග්ස්වුඞ්, කොළඹ ඉසිපතන, බම්බලපිටිය ශාන්ත පීතර සහ කොළඹ මහානාම යන විදුහල් ‘ඩී’ කාණ්ඩය යටතේද ක්‍රීඩා කිරීමට නියමිතය. 

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තමන් නියෝජනය කරන කාණ්ඩයට අයත් සෙසු කණ්ඩායම් 3 සමග තරග 3 කට බැගින් ක්‍රීඩා කරන අතර මූලික වටය අවසානයේ කාණ්ඩ 4 ම ශූරයන් සහ අනු ශූරයන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට තෝරාගනු ලැබේ. එතැන් පටන් තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වේ. 

ඩයමන්ඞ් මිල්ක්, මූස් ක්ලෝතින්, රයිඞ් එනර්ජි ඩින්ක්, ඩී.ඒ.එස්.ඒ. සමූහය, ජී.එන්.එස්. බයෝ සයන්ස්, ෆ්‍රොස්ටි, ඇමරිකන් වෝටර් සහ ස්ලිං මොබිලිටි යන සමාගම් සහ ආයතන තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරන අතර එහිදී ජයග්‍රාහකයන් වෙනුවෙන් පිරිනැමෙන මුළු මුදල රුපියල් මිලියන 2.5 කි. 

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වෙනුවෙන් යතුරුපැදියක් පිරිනැමීමට ස්ලිං මොබිලිටි ආයතනය ඉදිරිපත්ව සිටියි. 


අදහස් (0)

සහිරා සත් සාමාජික රග්බි මාර්තු 2 - 3 කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.