Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් තරගාවලියේ පළමු කොටසේ ක්‍රීඩා කරන මරදාන සහිරා විදුහල් රග්බි පිලේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස ෆීනික්ස් සමාගම ඉදිරිපත්ව සිටියි. එම විදුහල් රග්බි පිලේ ආහාර අනුග්‍රහකයා ලෙස කේ.එෆ්.සී. (KFC) ආයතනය ද, ඇඳුම් අනුග්‍රහකයා ලෙස ආර්.බී.එන්. (RBN) ආයතනය ද, ඉදිරිපත්ව සිටියි.
මෙම අනුග්‍රහයන් පිරිනැමීම පසුගියදා සහිරා විදුහලේ විදුහල්පති ටි්‍රෂ්වි මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේදී පැවැත්විණි. සහිරා විදුහල පසුගිය වසරේ දෙවැනි කාණ්ඩයේ ක්‍රීඩා කරමින් පළඟ ශූරතා තරගාවලියේ දස්කම් දක්වමින් මෙවර පළමු කොටසේ ඉහළතම කාණ්ඩයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා ගත්තේය.
සහිරා විදුහල 1924 වසරේ රග්බි ක්‍රීඩාව ආරම්භ කර ඇති අතර එම විදුහලෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් රැසක් බිහිකර තිබේ. මෙවර සහිරා විදුහල් පිලේ නායකයා ලෙස අෂ්හාර් ඉර්ෆාන් කටයුතු කරයි.
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.