Last Update  :  2025-12-04 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සත් සාමාජික ශූරතාව යුද හමුදාවට

සත් සාමාජික ශූරතාව යුද හමුදාවට

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවූ අන්තර් සමාජ කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට යුද හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ. නාවික හමුදා පිලට අනු ශූරතාව හිමිවිය. මෙම තරගාවලිය කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් පසුගියදා හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙහිදී පළඟ ශූරතාව ගුවන් හමුදාව ද, බඳුන ශූරතාව දකුණු පළාත් කාන්තා පිල ද, පළිහ ශූරතාව ඌව පළාත් කාන්තා පිලද, දිනා ගත්තේය. යුද හමුදා ක්‍රීඩිකාවෝ කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී ලකුණු 7-5 ක් ලෙස නාවික හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

තරගාවලියේ ජයසංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා රග්බි සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න මහතා සහභාගි විය.


අවසන් තරග ප්‍රතිඵල


කුසලාන ශූරතාව
යුද හමුදා පිල විසින් ලකුණු 7-5 කින් නාවික හමුදා පිල පරාජය කරන ලදී.

පළඟ ශූරතාව
ගුවන් හමුදා පිල විසින් ලකුණු 20-0 කින් සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදී.

බඳුණ ශූරතාව
දකුණු පළාත් පිල විසින් ලකුණු 10-0 කින් සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.

● ඌව පළාත් පිල විසින් ලකුණු 10-5 කින් සබරගමුව පිල පරාජය කරන ලදී

 

ශ්‍රී ලංකා රග්බි සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න මහතා අතින්
යුද හමුදා පිලේ නායිකා අයේෂා පෙරේරා දක්‍ෂතම ක්‍රීඩිකා සම්මාන ලබාගත් අවස්ථාව.

 


අදහස් (0)

සත් සාමාජික ශූරතාව යුද හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.