Last Update  :  2025-11-21 23:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. පිල වැස්සේ සටන ජයගනී
අන්තර් සමාජ පළමු පෙළ

සී.ආර්. පිල වැස්සේ සටන ජයගනී

editorial - 2025 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) දෙවැනි සතියේ තරගයක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර අද (21 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 19-00 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. 

නොවත්වාම ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පළමු අර්ධය අවසානයේ තරගය නතර විනිසුරුවෝ පියවර ගත්හ. පළමු අර්ධයේදීද වැඩි වේලාවක් ක්‍රීඩකයන් වර්ෂාව මධ්‍යයේ තරග වැදුණු අතර ක්‍රීඩාංගණයේ ඇතැම් ස්ථාන ජල තටාක මෙන් දිස්වූ අයුරු දැකගත හැකි විය. 

පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට සී.ආර්. කණ්ඩායම ලකුණු 19-00 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. එහිදී යුද හමුදාවට එකදු ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදුන් සී.ආර්. ක්‍රීඩකයෝ, ගෝල දිනුම් 2 ක් සහ උත්සාහත දිනුමක් මගින් ලකුණු ලබාගත්හ. 

තරගයේ 11 වැනි විනාඩියේදී නායක ලසිඳු කරුණාතිලක සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම ලබාගත අතර තේනුක නානායක්කාර ඉතා දක්ෂ ලෙස එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගත්තේය. 17 වැනි විනාඩියේදී සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරනු ලැබුවේ වෙනුර කෝදාගොඩ විසිනි. 

පළමු අර්ධය නිමාවීමට විනාඩි 7 ක් ඉතිරිව තිබියදී එනම් 33 වැනි විනාඩියේදී සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරිමට ඔමල්ක ගුණරත්න සමත් විය. එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගත් තේනුක නානායක්කාර එය ගෝල දිනුමක් බවට පත්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 19 ක් කරා ඔසවා තැබුවේය. 

ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි


අදහස් (0)

සී.ආර්. පිල වැස්සේ සටන ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.