Last Update  :  2025-06-29 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාන්ත පීතර - වෙස්ලි තරගය සම වෙයි
පාසල් රග්බි ලීගය

ශාන්ත පීතර - වෙස්ලි තරගය සම වෙයි

editorial - 2022 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ 'ඒ' කාණ්ඩය යටතේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර අද (23 වැනිදා) පැවති තරගය 17-17 ක් ලෙස ලකුණු සම වීමෙන් ජය පැරදුමකින් තෙරව නිමාවට පත් විය.

ශාන්ත පීතර විදුහල් ක්‍රී‍ඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-07 ක් ලෙස පෙරමුණ ගැනීමට වෙස්ලි විදුහල සමත් විය. එහිදී වෙස්ලි ක්‍රීඩකයින් ගෝල දිනුම් 2 ක් සමගින් ලකුණු රැස්කළ අතර ශාන්ත පීතරයන් ලකුණු රැස්කළේ එක් ගෝල දිනුමක් සමගිනි.

දෙවැනි අර්ධය තුළ වෙස්ලි විදුහල දඬුවම් පහරක් සමගින් ලකුණු රැස් කරද්දී, ශාන්ත පීතර විදුහල උත්සාහක දිනුම් 2 ක් සමගින් ලකුණු රැස්කළේය. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට දෙපිලම ලකුණු 17 බැගින් ලබා සිටීම නිසා තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.

(ඡායාරූප - ජයලොග් අනුග්‍රහයෙනි)


අදහස් (0)

ශාන්ත පීතර - වෙස්ලි තරගය සම වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.