Last Update  :  2025-05-02 14:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාන්ත අන්තෝනි සුපිරි වටයට
පාසල් රග්බි

ශාන්ත අන්තෝනි සුපිරි වටයට

editorial - 2023 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් රග්බි ලීගයේ ‘ඒ’ කාණ්ඩයේ සුපිරි වටයට සුදුසුකම් ලබාගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය. පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (29 වැනිදා) පැවැති තරගයකදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 34-17 ක ජයක් වාර්තා කරමින් ශාන්ත අන්තෝනි විදුහල සුපිරි වටයට සුදුසුකම් ලැබීය.

මෙම තරගයට පෙර ශාන්ත අන්තෝනි විදුහල තරග 3 ක් ජයගෙන ලකුණු 18 ක් ලබා ලකුණු සටහනේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට වඩා පසුපසින් රැදී සිටියේය.

එහෙත් සාන්ත තෝමස් විදුහලට එරෙහිව පැවැති තරගය ප්‍රසාද ලකුණද සමග ජයගැනීමට සමත් වීමත් සමග ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ ලකුණු 24 ක් ලබා සුපිරි වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.

තරගාවලියේ අවසන් සතිය ආරම්භ වන විට කොළඹ ඩී.එස්. සේනානායක විදුහල තරග 5 ක් ජයගෙන ලකුණු 22 ක් ලබා ශාන්ත ආන්තෝනි විදුහලට වඩා ලකුණු 4 ක් ඉදිරියෙන් සිටියේය. කෙසේ වුවත් හත්වැනි සතියේ පැවැති තරගයකදී මරදාන ශාන්ත ජෝෂප් හමුවේ ලකුණු 29-16 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ඩී.එස්. සේනානායක විදුහලට තරගාවලියේ සුපිරි වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

ශාන්ත අන්තෝනි විදුහලට පෙර කොළඹ ඉසිපතන විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ රාජකීය විදුහල තරගාවලියේ සුපිරි වටයට සුදුසුකම් ලබා සිටියේය. මූලික වටයේ පැවැති තරගවලදී ඉසිපතන විදුහල ජයග්‍රහණ 6 ක් සමග ජයගනිමින් ලකුණු 36 ක්ද, ශාන්ත පීතර විදුහල ජයග්‍රහණ 6 ක් සමග ලකුණු 34 ක්ද, රාජකීය විදුහල ජයග්‍රහණ 4 ක් සමග ලකුණු 26 ක්ද ලබා සුපිරි වටයේ ස්ථාන හිමිකරගත්හ.

පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැති අවසන් සතියේ සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර, ගල්කිස්ස විද්‍යා සහ වෙස්ලි විදුහල් සමත් වූ අතර එම තරගවලදී පිළිවෙලින් මහනුවර විද්‍යාර්ථ, මහනුවර ධර්මරාජ සහ කිංග්ස්වුඩ් විදුහල් පරාජයට පත්වූහ. මරදාන සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගයට මහනුවර ත්‍රිත්ව විදුහල සහභාගි නොවීම හේතුවෙන් සහිරා විදුහලට ඉන් නිතරග ජයක් හිමිවිය.  


සෙනසුරාදා (29 වැනිදා) පැවැති තරග ප්‍රතිඵල

■ කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී මරදාන ශාන්ත ජෝෂප් විසින් ලකුණු 29-16 ක් ලෙස කොළඹ ඩී.එස්. සේනානායක පරාජය කරන ලදි.
■ පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල විසින් ලකුණු 34-17 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කරන ලදි.
■ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 66-10 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජය කරන ලදි.
■ ගල්කිස්ස විද්‍යා විදුහල් ක්‍රීඩාංගණයේදී විද්‍යා විදුහල විසින් ලකුණු 24-21 ක් ලෙස මහනුවර ධර්මරාජ විදුහල පරාජය කරන ලදි.
■ මරදාන සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ තරගයෙන් සහිරා විදුහලට නිතරග ජයක්.  

ඉරිදා (30 වැනිදා) පැවැති තරගය
■ මහනුවර, බෝගම්බර ක්‍රීඩාංගණයේදී කොළඹ වෙස්ලි විදුහල විසින් ලකුණු 30-15 ක් ලෙස මහනුවර කිංග්ස්වුඩ් විදුහල පරාජය කරන ලදි.

 

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි සුපිරි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.