Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකාව මූලික වටයේ තරග දෙකම පරදියි
ආසියානු ක්‍රීඩා - 2022

ශ්‍රී ලංකාව මූලික වටයේ තරග දෙකම පරදියි

editorial - 2023 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම ඊයේ (24 වැනිදා) පැවැති මූලික වටයේ තරගවලදී චීන තායිපේ හමුවේ ලකුණු 22-07 ක් ලෙසද, කොරියාව හමුවේ ලකුණු 22-07 ක් ලෙසද පරාජයට පත් විය.

ලෝක රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පනවා තිබීම හේතුවෙන් ආසියානු ඔලිම්පික් ධජය යටතේ මෙම තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම, එහි මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග බිමට පිවිසියේය.

කෙසේ වුවත් මූලික වටයේදී සහභාගි වූ තරග 2 ම පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සත් සාමාජික රග්බි ඉසව්වේ 9 වැනි ස්ථානයත්, 13 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය. ස්ථානය තහවුරු කිරීමේ ශ්‍රේණිගත තරග අද (25 වැනිදා) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ චීන තායිපේ අතර පැවැති තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 12-07 ක් ලෙස පෙරමුණ ගැනීමට චීන තායිපේ කණ්ඩායම සමත් විය. එහිදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමග චීන තායිපේ ලකුණු ලබාගත් අතර ශ්‍රී ලංකාව ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සමගිනි.

දෙවැනි අර්ධයේදී තවත් උත්සාහක දිනුම් දෙකක් මගින් ලකුණු රැස්කළ චීන තායිපේ ක්‍රීඩකයෝ, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ. එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කීමට ආකාෂ් මධුෂංක සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේද ඔහු විසින්මය.

ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පැවැති තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 10-07 ක් ලෙස පෙරමුණ ගැනීමට කොරියාව සමත් විය. එහිදී ශ්‍රී ලංකාව ගෝල දිනුමක් සමගින්ද, කොරියාව උත්සාහක දිනුම් දෙකක් සමගින්ද ලකුණු ලබාගත්හ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇඩම් නිකලස්, කහ කාඩ්පතක් ලැබීය.

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමග ලකුණු 12 ක් ලබාගැනීමට සමත් වූ කොරියානු ක්‍රීඩකයෝ, ශ්‍රී ලංකාවට ලකුණු රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදුන්හ. මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අංජුල හෙට්ටිආරච්චි උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථන සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් විය.


අදහස් (0)

ශ්‍රී ලංකාව මූලික වටයේ තරග දෙකම පරදියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.