Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය අත්හිටුවයි

ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය අත්හිටුවයි

editorial - 2022 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සාමාජිකත්වය හදිසියේම අත්හිටුවනු ලැබ තිබේ. ඒ සම්බන්ධයෙන් තමන්ට කිසිදු හේතුවක් දන්වා නැතැයි ශ්‍රී ලංකා රග්බි නිලධාරීහු කියති.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පරිපාලනය පවත්වාගෙන යාම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘නිසි බලධාරියා’ ලෙසින් පත්කරනු ලැබ ඇත.

“අපි මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතාගෙන් විමසීමක් කළා. ඒත් එයා කිව්වේ ලබන සඳුදා වෙනකොට තොරතුරු පහදලා දෙන්නම් කියලයි” යයි නම හෙළිකිරීමට අකමැති වූ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

රග්බි නිලධාරීන් සැක පහළ කරන්නේ බස්නාහිර පළාත් රග්බි සංගමයට අදාළ නීතිමය ගැටළුවක් දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවයි.

මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්. පිල අතර ඉරිදා පැවැත්වෙන රග්බි තරගය වෙනත් ස්ථානයකට ගෙන යාමට රග්බි ආයතනය අකමැත්ත පළකිරීමත් ඊට හේතුවක් විය හැකි බවද කියැවේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුතණුවන් වන රෝහිත රාජපක්‍ෂ සී.එච්. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරයි.

වසර 2019 දී පැවැති රග්බි නිලවරණයේදී බස්නාහිර පළාත් රග්බි සංගමයට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබී නැත. ඒ සම්බන්ධයෙන් නීතිමය විමර්ශනයකින් පසුව පැවැති නිලවරණයකින් ශ්‍රී ලංකා රග්බි සංගමය පත්වූ අතර පසුව එහි තොරතුරු ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට බාරදුන් බව ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා කියයි.

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.