Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තෙවැනි තරගයත් පරදිති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තෙවැනි තරගයත් පරදිති

editorial - 2022 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවර සිට..)

ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ දෙවැනි අදිය‍ර යටතේ ශ්‍රී ලංකාව අද (12 වැනිදා) සහභාගි වූ මූලික වටයේ තෙවැනි තරග‍ය කසකස්තානය හමුවේ ලකුණු 46-00 ක් ලෙස පරාජයට පත්විය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිට පිටම ලැබූ තෙවැනි පරාජය මෙය විය.

ඉන්චියොන් නුවර නම්දොන් ඒෂියාඩ් රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 24-00 ක් ලෙස පෙරමුණ ගෙන සිටි කසකස්තාන ක්‍රීඩිකා‍වෝ, දෙවැනි අර්ධයේදී සිය කණ්ඩායමට තවත් ලකුණු 22 ක් එක්කර ගත්තේය.

එහිදී කසකස්තානය වෙනුවෙන් ඇලීනා ඇස්කරෝවා, ඇන්සිලිකා පිචුගිනා සහ ගලිනා ක්‍රසවීනා උත්සාහ දිනුම් 2 බැගින්ද, ගුලිම් බකිබීක් සහ වෙරොනිකා ‍ස්ටෙපනියුගා උත්සාහක දිනුම බැගින්ද ලබාගත් අතර ගුලිම් බකිබීක් එක් ප්‍රවර්ථනයක්ද, බ්ලාසාන් කොයිෂි‍බයෝවා ප්‍රවර්ථන 2 බැගින්ද සාර්ථක කරගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ශානිකා මධුමාලි තරගයේ අවසන් විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පතක්ද ලැබුවාය.


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තෙවැනි තරගයත් පරදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.