Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාවලියේ තවත් තරඟයක් ඉතිරිව තිබියදීම ශූරතාවය දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය.
පල්ලෙකැලේ ත්‍රිත්ව රග්බි ක්‍රීඩාංගණයේදී කොළඹ වෙස්ලි විදුහල සහ ත්‍රිත්ව විද්‍යාලය අතර සෙනසුරාදා (2 වැනිදා) පැවැති තරගයේදී වෙස්ලි විදුහල ලකුණු 23 - 21 ක් වශයෙන් පරාජය කරමින් ත්‍රිත්ව සිංහයෝ ලීග් ශූරතාවය තමන් සතු කරගත්හ.
තරඟයේ ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 07 - 05 ක්වශයෙන් වෙස්ලි විදුහල ඉදිරියෙන් විය. එහෙත් දෙවැනි අර්ධයේදී ධෛර්යවත් සටනක නිරත වූ ත්‍රිත්ව ක්‍රීඩකයෝ ලකුණු 18 ක් එකතු කරගනිමින් තරගය ජයගත්තේය.
ජයග්‍රාහී ත්‍රිත්ව පිල ගෝල දිනුමක් උත්සාහ දිනුම් 02 ක් දඬුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කරගනිමින් ලකුණු රැස් කළේය. වෙස්ලි විදුහල් පිල ගෝල දිනුම් 03 ක් වාර්තා කරමින් ලකුණු රැස් කළේය.
ත්‍රිත්ව විදුහල් පිල මෙම තරගාවලිය පුරා තම අපරාජිත ගෞරවය රැකගනිමින් ශූරතාවය කරා ළං වූ අතර ඔවුන් ලීග් ශූරතාවයක් දිනා ගනු ලැබුවේ වසර 38 කට පසුව වීමද විශේෂත්වයකි.
තරග විනිසුරු රවින් ඇලෙක්සෙන්ඩර් මහතාගේ ප්‍රථම නලා හඬින් තරඟය ආරම්භ විය. 20 වැනි විනාඩියේදී වෙස්ලි පිලේ ධනුස් දසනායක විසින් උත්සහක දිනුමක් වාර්තා කරමින් ප්‍රථමයෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ අතර එහි ප්‍රවර්ධනය අබ්දුල් හාදි විසින් සාර්ථක කරගන්නා ලදී. 27 වැනි විනාඩියේදී ත්‍රිත්ව පිලේ මොහොමඩ් උස්මාන් විසින් උත්සාහයක දැනුමක් වාර්තා කළ අතර ප්‍රවර්තනය අසාර්ථක විය. ප්‍රථම අර්ධය නිමා වන විටලකුණු 07-05 ක් වශයෙන් වෙස්ලි විදුහල ඉදිරියෙන් විය.
දෙවැනි අර්ධය ආරම්භ වී 37 වැනි විනාඩියේදී ත්‍රිත්ව පිලේආකාශ් ප්‍රනාන්දු විසින් උත්සහකක දිනුමක් වාර්තා කරමින් ත්‍රිත්ව ජයග්‍රාහි ගමන ආරම්භ කළ අතර එහි ප්‍රවර්තනය ෂාන් අල්තාෆ් විසින් සාර්ථක කරගන්නා ලදී. 45 වැනි විනාඩියේ දී ත්‍රිත්ව පිලේ ශ්‍රයන් සතිස්කුමාර් විසින්උත්සහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. 54 වැනි විනාඩියේදී ත්‍රිත්ව පිලේ ප්‍රවර්තක ෂාන් විසින් දඬුවම් පාරක් සාර්ථක කරගත් අතර 58 වැනි විනාඩියේදී මීටර් 30 සීමාවේ සිට ඔහු විසින්මඩ්‍රොප් ගෝලයක් සාර්ථක කරගන්නා ලදී.
තරඟයේ 60 වැනි විනාඩියේදීවෙස්ලි ක්‍රීඩකයකු ගෝල කණු ආසන්නයේඋත්සාහක දිනුමක් වාර්තා කිරීමට යාමේදී ත්‍රිත්ව ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ නීති විරෝධී ක්‍රීඩා රටාව හේතුවෙන් වෙස්ලි පිලට දඬුවම් උත්සාහක දිනුමක් ප්‍රදානය කෙරුණි. තරඟයේ අතිරේක කාලයේදී වෙස්ලි පිලේ හම්දම් සෆ්රිකා විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අබ්දුල් හාදි විසින් සාර්ථක කරගන්නා විටම තරඟයේ අවසන් නලා හඬ නිකුත් විය. ඒ වන විට ලකුණු 23 - 21 ක්වශයෙන් ත්‍රිත්ව පිල ජය වාර්තා කර තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.