(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩය යටතේ අද (24 වැනිදා) පැවති තරගයකදී කොළඹ මහානාම විදුහලට එරෙහිව ලකුණු 20-13 ජයක් වාර්තා කිරීමට කොළඹ ලුම්බිණි විදුහල සමත් විය.
රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී ලුම්බිණි විදුහල ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය. මහානාම විදුහල එහිදී ලකුණු ලබා ගත්තේ ගෝල දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගිනි.
මහානාම විදුහල මෙවර තරගාවලියේදී සහභාගි වූ තෙවැනි තරගය මෙය වූ අතර එහිදී ලැබූ දෙවැනි පරාජයද මෙය විය. මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති ලුම්බිණී විදුහල එහිදී ලැබූ පළමු ජය මෙය විය.
Indikaudayanga Tuesday, 26 July 2022 12:39 PM
නියමයි..!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.