Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රග්බි විනිසුරුට පහරදුන් කත ඇප මත නිදහස්

රග්බි විනිසුරුට පහරදුන් කත ඇප මත නිදහස්

editorial - 2022 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මහනුවර ත්‍රිත්ව විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ හැව්ලොක් පිටයේදී පැවැති 44 වැනි ආර්.එස්. ද සේරම් පළිහ රග්බි තරගයේදී විනිසුරුවන්ට පහරදුන්නේ යැයි කියන කාන්තාව සහ පුද්ගලයා ඇප මත නිදහස් කිරීමට නාරාහේන්පිට පොලිසිය කටයුතු කර ඇත.

එම කාන්තාවට එරෙහිව ඉකුත් 26 වැනිදාත්, පුද්ගලයාට එරෙහිව ඉකුත් 28 වැනිදාත් නාරාහේන්පිට පොලිසියේ පැමිණිළි 2 ක් ගොනු කිරීමට පහරදීමට ලක්වූ බව කියන විනිසුරුවරයා සහ සහයක විනිසුරුවරයා පියවර ගත්හ. එම පැමිණිළි දෙක විභාග කිරීම සඳහා ඉකුත් 31 වැනිදාට පෙර පොලිසියට පැමිණිනෙන ලෙස නාරාහේන්පිට පොලිසියෙන් කරන ලද දැනුම්දීමකට අනුව විත්තිකාර කාන්තාව සහ පුද්ගලයා පොලිසියට ඉදිරිපත්වී ඇත.

තරගයේ නියමිත වේලාව අවසන් වීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් අතර යම් නොසන්සුන්තාවක් හටගෙන තිබූ අතර එහිදී ත්‍රිත්ව විදුහලේ ඇතැම් ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ ආධාරක පිරිස් විනිසුරුවන්ට පහරදීමට උත්සාහ ගෙන තිබිණ.

ඒ හේතුවෙන් ප්‍රධාන විනිසුරුවරයා ඇතුළු විනිසුරුවන් පිරිස නිලධාරීන් පිරිසකගේ රැකවල් මධ්‍යයේ ක්‍රීඩාංගණයෙන් ඉවතට ගෙන යෑමට තරගයේ සත්කාරකත්වය දැරූ ශාන්ත තෝමස් විදුහලේ සංවිධායක මණ්ඩලයට සිදුවිය. එම අවස්ථාවේදී ත්‍රිත්ව ක්‍රීඩකයකුගේ සහෝදරියක යැයි කියන කාන්තාවක් රැකවල් අතරින් රිංගා ප්‍රධාන විනිසුරුවරයාගේ කම්මුලට පහරක් ගසන අයුරු සටහන් වීඩියෝ කිහිපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දිගින් දිගටම සංසරණය විය.

පහරදීමට ලක්වූ විනිසුරුවන්ට සාධාරණයක් ඉටුවන තෙක් සියලුම පාසල් රග්බි තරග විනිශ්චයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ තීරණය කර ඇත.

 

 


අදහස් (0)

රග්බි විනිසුරුට පහරදුන් කත ඇප මත නිදහස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.