Last Update  :  2026-01-07 19:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රග්බි තේරීම් කමිටුව නෝල්ටන් යටතට

රග්බි තේරීම් කමිටුව නෝල්ටන් යටතට

editorial - 2026 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අලුතින් නම් කරන ලද ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ජාතික රග්බි ක්‍රීඩක, යුද හමුදා ලුතිනන් කර්නල් ඩී.කේ.එස්. නෝල්ටන් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබේ. 

ඔහුගේ සභාපතීත්වයෙන් යුත් රග්බි තේරීම් කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන එම්.ජේ.එම්. මෂ්ටාක්, ඩී.ජේ. පිල්ලෙයි, කේ.කේ.ඩී. සිල්වා සහ ඩබ්.එල්.අයි. රුක්ෂානි ආරියසේන යන මහත්ම මහත්මීහුද ඇතුළත්ව සිටිති. 

2025-2027 කාල වකවානුව සඳහා මෙම තේරීම් කමිටුව පත්කර ඇති බවත්, ඉදිරියේදී සියලුම ජාත්‍යන්තර තරගාවලි සඳහා ජාතික රග්බි කණ්ඩායම තේරීමේ කටයුතු මෙම කමිටුව විසින් සිදුකරනු ලබන බවත් රග්බි සංගමය නිවේදනය කර සිටියි. 

-036 


අදහස් (0)

රග්බි තේරීම් කමිටුව නෝල්ටන් යටතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.