Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රග්බි අවසන් සංචිතය තේරීම 24 වැනිදා

රග්බි අවසන් සංචිතය තේරීම 24 වැනිදා

editorial - 2022 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහ ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් තේරීමේ කටයුතු ලබන ඉරිදා (24 වැනිදා)  පැවැත්වෙන බව රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් නිසි බලධාරියා ලෙස කටයුතු කරන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාජල් අමල් එදිරිසූරිය මහතා ‘ලංකාදීප’යට පැවසීය.

මෙම වසරේදී (2022) පැවැත්වීමට නියමිත සත් සාමාජික රග්බි තරගාවලි ඉලක්ක කරගනිමින් ඉකුත් වසරේ (2021) දෙසැම්බර් මාසයේදී ක්‍රීඩකයන් 56 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව පියවර ගෙන තිබූ බවද, එම ක්‍රීඩකයන් අතරින් අවසන් සංචිතයක් ඉරිදා පැවැත්වෙන අවසන් තේරීම් කටයුතු ඔස්සේ තෝරා ගැනීමට බලාපොරොත්තු වන බවද අධ්‍යක්ෂ ජනරාජල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.  

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වීමට නියමිත අතර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 10 වැනිදා සිට 25 වැනිදා දක්වා චීනයේ හැංෂූ නුවරදීය.

මූලික සංචිතය සඳහා අන්තර් සමාජ රග්බි තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ 8 හිම ක්‍රීඩකයන් ඇතුළත්ව සිටින අතර ඊට වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාවක් ඇතුළත්ව ඇත්තේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමිනි. අගමැති පුත් යෝෂිත රාජක්ෂද නාවික හමුදාව නියෝජනය කරමින් මෙම මූලික සංචිතයට ඇතුළත්ව සිටියි.

සී.එච්. ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයන් 11 දෙනෙක්ද, මහනුවර ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයන් 10 දෙනෙක්ද, හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයන් 8 දෙනෙක්ද, පොලිසියෙන් ක්‍රීඩකයන් 8 දෙනෙක්ද, ගුවන් හමුදාවෙන් ක්‍රීඩකයන් 7 දෙනෙක්ද, සී.ආර්. ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයන් 4 දෙනෙක්ද, නාවික හමුදාවෙන් ක්‍රීඩකයන් 4 දෙනෙක්ද, යුද හමුදාවෙන් ක්‍රීඩකයන් 3 දෙනෙක්ද මූලික සංචිතයට ඇතුළත්ව සිටිති.


සත් සාමාජික රග්බි මූලික සංචිතය
ඕමල්ක ගුණරත්න, රීසා රෆයිඩීන්, සුදම් සූරියආරච්චි, ජනිඳු ඩිල්ෂාන්, සුදර්ශන මුතුතන්ත්‍රී, අවිශ්ක ලී, හිරන්ත පෙරේරා, ෂෙහාන් ඩයස්, අවන්ත ලී, කුෂාන් ඉඳුනිල් සහ තේනුක නානායක්කාර (සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය)

කවිඳු පෙරේරා, බුද්ධිම පියරත්න, දනූෂ දයාන්, තරිඳු රත්වත්ත, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, හේෂාන් ජැන්සෙන්, නයිජල් රත්වත්ත, තිළිණ බණ්ඩාර, ලවංග පෙරේරා සහ දිලුක්ෂාන් දංගේ, (මහනුවර ක්‍රීඩා සමාජය)

කවිඳු කේෂාන්, තීක්ෂණ දසානායක, ලසිඳු ඉෂාන්, විමුක්ති රාහුල, මිතුන් හපුගොඩ, රැන්ඩි සිල්වා, රමේෂ් ප්‍රනාන්දු සහ නිෂෝන් පෙරේරා (හැව්ලොක් ක්‍රීඩා සමාජය)
 
ඉරෝෂන් සිල්වා, සචිත් සිල්වා, වගීෂ වීරසිංහ, සුරංග කසුන්, මනිල්ක රුබේරු, මොහාන් විමලරත්න, ආකාශ් මධුසංඛ සහ ජනිත් චානක (පොලිසිය)

රවිඳු හෙට්ටිආරච්චි, නුවන් පෙරේරා, ඉෂාර මධුෂාන්, ඉමේෂ් අපෝන්සු, ඔවින් අසංක, ගයන්ත ඉද්දමල්ගොඩ සහ දුනාල් ප්‍රනාන්දු (ගුවන් හමුදාව)

මුර්ෂීද් සුබෙයිර්, ගැමුණු චේතිය, චමෝද් ප්‍රනාන්දු සහ කලිඳු නන්දිල (සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය)

අදීෂ වීරතුංග, චතුර සෙනෙවිරත්න, මූෂින් ෆලීල් සහ යෝෂිත රාජපක්ෂ (නාවික හමුදාව)

සුධාරක දික්කුඹුර, අශේන් බණ්ඩාර සහ ලසන්ත කුමාර (යුද හමුදාව)

 


අදහස් (0)

රග්බි අවසන් සංචිතය තේරීම 24 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.