Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යොවුන් රග්බි පිලේ 3ක් රෝහලේ

යොවුන් රග්බි පිලේ 3ක් රෝහලේ

රොෂාන් ගුණරත්න - 2016 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ සංචාරයක නිරතව සිටින අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලේ ප්‍රබලතම ක්‍රීඩකයන් කිහිපදෙනකු හිටිහැටියේම උණ රෝගයට ගොදුරුවීම නිසා රෝහල් ගත කිරීමට සිදුවී තිබේ.


ශලීන්ද්‍ර අලහකෝන් (ත්‍රිත්ව) අදීෂ වීරතුංග (ඉසිපතන) සහ උදය සුපුන් (වේල්ස් කුමර) රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සහය පුහුණුකරු හෙන්රි ටෙරන්ස් මහතා ඇතුලු තවත් ක්‍රීඩකයන් කිහිපදෙනකුත් උණ රෝගයෙන් පීඩා විඳන බව මැලේසියාවෙන් වාර්තා විය.


මේ පිළිබඳ ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලේ කළමනාකරු රොහාන් චින්තක සහ පුහුණුකරු නිලූෆර් ඉබ්‍රාහිම් මහත්වරුන් දුරකතන මගින් සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ව්‍යවර්ථ වී ගියේය. කෙසේ වුවත් අධික වමනය සහ දැඩි උණ හේතුවෙන් මෙම ක්‍රීඩකයන් රෝහල්ගත කිරීමට සිදුවූ බැව් රග්බි සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.


- 066

 


අදහස් (0)

යොවුන් රග්බි පිලේ 3ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.