Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යුද හමුදාවෙන් නාවික හමුදාවට ප්‍රහාරයක්

යුද හමුදාවෙන් නාවික හමුදාවට ප්‍රහාරයක්

editorial - 2026 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ රග්බි ලීගයේ 9 වැනි සතියේ තරගයක් ලෙස යුද හමුදාව සහ නාවික හමුදාව අතර සෙනසුරාදා (10 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 41-38 ක තියුණු ජයක් වාර්තා කිරීමට යුද හමුදාව සමත් විය. මෙවර තරගාවලියේදී යුද හමුදාව ලැබූ දෙවැනි ජය මෙන්ම නාවික හමුදාව ලැබූ 6 වැනි පරාජයද මෙය විය. 

යුද කණ්ඩායමේ නිවස්න ක්‍රීඩාංගණය වන පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-12 ක් ලෙස නාවික හමුදා ක්‍රීඩකයෝ පෙරමුණේ පසුවූහ. එහිදී ඔවුන් ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර යුද හමුදා ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ යුද හමුදා ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 3 ක් සමග සිය ලකුණු මුලු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 29 ක් එක්කර ගැනීමට සමත් වූහ. නාවික හමුදා ක්‍රීඩකයන්ට එහිදී ගෝල දිනුම් 3 ක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 21 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් විට යුද හමුදා ක්‍රීඩකයෝ ලකුණු 3 ක තියුණු ජයක් ලැබූහ. 


අදහස් (0)

යුද හමුදාවෙන් නාවික හමුදාවට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.