Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යුද හමුදාවට ගුවන් ප්‍රහාරයක්
අන්තර් සමාජ පළමු පෙළ

යුද හමුදාවට ගුවන් ප්‍රහාරයක්

editorial - 2024 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හයවැනි සතිය යටතේ ඊයේ (12 වැනිදා) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් යුද හමුදාවට එරෙහිව ලකුණු 17-14 ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. මෙම ජයත් සමග පියවරක් ඉදිරියට එමින් ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමටද ගුවන් හමුදාවට හැකි විය.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 14-10 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වුහ. කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී ලකුණු 7 ක් රැස්කළ ගුවන් හමුදා ක්‍රීඩකයෝ, එම අර්ධයේදී යුද හමුදාවට ලකුණු ලබාගැනීමට ඉඩක් නොදෙමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. 

ගුවන් හමුදාව ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගනිද්දී, යුද හමුදාව ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක් මගිනි. නාලක මඳුරංග (35 වැනි විනාඩියේදී) සහ අෂාන් බණ්ඩාර (39 වැනි විනාඩියේදී) යුද හමුදාව වෙනුවෙන් එම උත්සාමක දිනුම් දෙක ලබාගත් අතර ඒවාහි ප්‍රවර්ථන සාර්ථක කරගනු ලැබුවේ චමත් ප්‍රනාන්දු සහ අෂාන් බණ්ඩාර විසිනි. 

ගුවන් හමුදාව වෙනුවෙන් ශෂික ප්‍රනාන්දු 16 වැනි විනාඩියේදීද, නිෂාන් පීරිස් 49 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත් අතර එම උත්සාහක දිනුම් දෙකේ ප්‍රවර්ථනයන් මෙන්ම 4 වැනි විනාඩියේදී ගුවන් හමුදාවට හිමි වූ දඬුවම් පහරද සාර්ථක කරගැනීමට ගයන්ත ඉද්දමල්ගොඩ සමත් විය.


අදහස් (0)

යුද හමුදාවට ගුවන් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.