Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යුද හමුදාව පරදවමින් පොලිසිය කුසලාන වටයට

යුද හමුදාව පරදවමින් පොලිසිය කුසලාන වටයට

editorial - 2022 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ යුද හමුදාව සහ පොලිසිය අතර සෙනසුරාදා (19 වැනිදා) බම්බලපිටිය පොලිස් පිටියේදී පැවැති තරගයෙන් ලකුණු 25-07 ක ජයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම ජයග්‍රහණයත් සමග තරගාවලියේ කුසලාන වටයට සුදුසුකම් ලබාගැනීමටද පොලිස් කණ්ඩායමට හැකි විය.  

පළමු අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ පොලිස් කණ්ඩායම ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් සමග ලකුණු 25 ක් ලබාගත්තේ යුද හමුදාවට එක් ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් නොදෙමිනි. කෙසේ වුවත් පොලිසියට දෙවැනි අර්ධයේදී ලකුණු ලබාගැනීමට නොහැකි වූ අතර එහිදී යුද හමුදා ක්‍රීඩකයෝ ගෝල දිනුමක් සමග ලකුණු රැස්කළහ. 

වගීෂ වීරසිංහ (4 වැනි විනාඩියේදී), ජනිත් චානක (14 වැනි විනාඩියේදී), සුරංග කසුන් (32 වැනි විනාඩියේදී) සහ මොහාන් විමලරත්න (40 වැනි විනාඩියේදී) පොලිසිය වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් අවසන් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය මෙන්ම 20 වැනි විනාඩියේදී පොලිසියට හිමිවූ දඬුවම් පහරද සාර්ථක කරගනු ලැබුවේ යොහාන් පීරිස් විසිනි.

යුද හමුදාව වෙනුවෙන් 56 වැනි විනාඩියේදී චානක ගුණරත්න උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් එය ගෝලයක් බවට පත්කරනු ලැබුවේ තරිඳු මධුෂාන් හෙට්ටිආරච්චි විසිනි. තරගයේ 55 වැනි විනාඩියේදී හේෂාන් තිලකරත්න රතු කාඩ්පත් ලබා පිටියෙන් ඉවත්ව යෑම නිසා පොලිස් කණ්ඩායමට එතැන් සිට ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් තරග වැදීමට සිදුවිය. 

පොලිස් කණ්ඩායමේ හේෂාන් තිලකරත්න (22 වැනි විනාඩියේදී), යොහාන් පීරිස් (61 වැනි විනාඩියේදී) සහ කසුන් රාජකරුණා (81 වැනි විනාඩියේදී) යන ක්‍රීඩකයෝද, යුද හමුදා කණ්ඩයමේ චානක සමීරද (22 වැනි විනාඩියේදී) මෙම තරගයේදී විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. 

ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි නිල ෆේස්බුක් පිටුව ඇසුරෙනි


අදහස් (0)

යුද හමුදාව පරදවමින් පොලිසිය කුසලාන වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.