Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යුද - ගුවන් සටනින් හයවැනි සතිය ඇරඹෙයි
අන්තර් සමාජ රග්බි ලීගය

යුද - ගුවන් සටනින් හයවැනි සතිය ඇරඹෙයි

editorial - 2024 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හයවැනි සතිය ආරම්භ කරමින් යුද සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හෙට (12 වැනිදා) පස්වරු 3.45 ට රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී තරග බිමට අවතීර්ණ වනු ඇත. 

පස්වැනි සතියේ පැවැති තරගවලදී ලකුණු 19-10 ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය හමුවේ යුද හමුදාවද, ලකුණු 14-10 ක් ලෙස සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හමුවේ ගුවන් හමුදාවද පරාජයට පත් විය. මේ වන විට යුද හමුදාව ලකුණු 8 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයේද, ගුවන් හමුදාව ලකුණු 6 ක් ලබා එහි හත්වැනි ස්ථානයේද රැදී සිටියි. 

හයවැනි සතියේදී පැවැත්වෙන කාන්තා තරගය යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර හෙට පස්වරු 2.30 සිට රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර පිරිමි තරගය පැවැත්වෙන්නේ කාන්තා තරගය නිමාවට පත්වීමෙන් අනතුරුවය. 

හයවැනි සතියේ තවත් තරග දෙකක් අනිද්දා (13 වැනිදා) වැනිදා පැවැත්වෙන අතර එහිදී මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව නාවික හමුදා ක්‍රීඩා සමාජය වැලිසරදීද, සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව හැව්ලොක් ක්‍රීඩා සමාජය ලොන්ඩන් පෙදෙසේදීද තරග වදිනු ඇත. 

මෙම සතියේ අවසන් තරගය සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර කොළඹ රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. එම තරග 3 ම පස්වරු 3.45 ට ආරම්භ වීමට නියමිතය. 


හයවැනි සතියේ තරග කාලසටහන 
■ ජන. 12 - ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී 
■ ජන. 13 - නාවික හමුදාව සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී 
■ ජන. 13 - සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර කොළඹ ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී 
■ ජන. 14 - සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර කොළඹ රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී 


අදහස් (0)

යුද - ගුවන් සටනින් හයවැනි සතිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.