Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවරට 22-15 ක ජයක්

මහනුවරට 22-15 ක ජයක්

editorial - 2022 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

නිත්තවල ක්‍රීඩා පිටියේදී අද (20 වැනිදා) පැවති අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගයකදී මහනුවර ක්‍රීඩා සමාජය විසින් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 22 – 15 ක ලෙසින් පරාජය කරන ලදි.

ජයග්‍රාහී මහනුවර පිල ගෝල දිනුම් දෙකක් උත්සාහක දිනුම් එකක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේය. හැව්ලොක්ස් පිලගෝල දිනුමක්උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක්සාර්ථක කරගනිමින් ලකුණු රැස් කළේය .

පළමු අර්ධය නිමා වන විට ලකුණු 05 – 03 ක් වශයෙන් මහනුවර පිල ඉදිරියෙන් විය .

මෙම තරගයට පෙර දෙපිලම අපරාජිතව සිටියහ.

බොහෝ දෙනකුගේ අවධානයට ලක්වූ මෙම තරගය නැරඹීම සඳහා නිත්තවල ක්‍රීඩා පිටියට 8000කට ආසන්න ක්‍රීඩා ලෝලීන් පිරිසක් එක්රොක්වී සිටි අයුරු දක්නට ලැබුණි .

තරග විනිසුරු ප්‍රියන්ත ගුණරත්න මහතාගේ නළා හඬින් තරගය ආරම්භ වී 4 වැනි විනාඩියේදී මහනුවර ක්‍රීඩකයන් තහනම් කලාපයට පැමිණීම හේතුවෙන් මීටර 25 සීමාවේ ලද දඩුවම් පහරක් සාර්ථක කරගැනීමට හැව්ලොක්ස් පිලේ සන්දේශ් ජයවික්‍රම සමත් වීමත් සමඟ ප්‍රථමයෙන් ලකුණු පූර්ව ක්‍රියාත්මක කිරීමේ ගෞරවයහිමිකර ගැනීමට හැව්ලොක්ස් පිල සමත් විය. 30 වැනි විනාඩියේදීමහනුවර පිලේබුද්ධිම පියරත්න විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක වුවත්මහනුවරපිලජයග්‍රහණ මාවත විවෘත කර ගැනීමට සමත් විය. ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 05 - 03ක් වශයෙන් මහනුවර පිල ඉදිරියෙන් විය .

දෙවැනි අර්ධය ආරම්භවි 15 වැනි විනාඩියේදී ප්‍රතිවාදී මීටර 10 සීමාවේ සිට ක්‍රීඩක එකතුවක් තුලින් තල්ලු වී ගොස් මහනුවර පිල උත්සාහක දිනුමක් වාර්තා කළ අතර හේෂාන් කල්හාර සිල්වා විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුම තරින්ද රත්වත්තේ විසින් ගෝල දිනුමක් බවට ප්‍රවර්තනය කළේය.

මහනුවර පිලේරොෂාන්වීරරත්නවිසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්තේ සමත් විය.

30 වැනි විනාඩියේදී හැව්ලොක්ස් පිලේ ලසිඳු  කරුණාරත්න විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය . මහනුවර පිලට මීටර 35 සීමාවේ ලද දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට තරින්ද සමත් විය

තරඟය නිමා වීමට විනාඩි කිහිපයක් තිබියදීහැව්ලොක්ස් පිලේ රමේශ් ප්‍රනාන්දුවිසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සන්දේශ් ජයවික්‍රම සමත්විය.


අදහස් (0)

මහනුවරට 22-15 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.