Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 106ක දීර්ඝ ඉතිහාසයක් ඇති ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ 2017 වසරේ අවසන් මහා තරගය ඉරිදා (26) මහනුවර නිත්තවෙල දී පැවැත්වෙන්නේ සත්කාරක මහනුවර ක්‍රීඩා සමාජය සහ ආගන්තුක හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතරය.
මෙවර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන් වන පිළිවෙළින් සත්කාරකයන් සහ ආගන්තුකයන් ක්ලිෆර්ඩ් කුසලානයට තරග වදින්නේ එකිනෙකාගේ දස්කම් තව දුරටත් උරගා බැලීමේ අරමුණ ඇතිවය.
වසර 1911 දී එවකට මෙරට පාලනය කළ බි්‍රතාන්‍ය ජාතිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් සහ ශ්‍රී ලාංකික කණ්ඩායමක් අතර පැවැති රග්බි තරගයකින් පසුව ජයග්‍රාහකයන්ට තෑගි දෙන්නට ආරාධනා ලැබ සිටියේ එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස රාජකාරි කළ ශ්‍රීමත් හෆ් ක්ලිෆර්ඞ්ගේ බිරිඳ ක්ලිෆර්ඞ් ආර්යාවයි.
ඇය විසින් තරගය ජයග්‍රහණය කළ බි්‍රතාන්‍ය කණ්ඩායමට පිරි නැමු කුසලානය ක්ලිෆර්ඞ් කුසලානය ලෙස නම් කොට තිබූ අතර ඉන් පසුව දිගටම ක්ලිෆර්ඞ් කුසලානය සඳහා තරග පැවැත්වීමට ඔවුහු තීරණය කළහ.
කණ්ඩායම් 2ක් අතරේ, කණ්ඩායම් 4ක් අතරේ ආදි වශයෙන් දෝලනය වූ ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරගාවලිය අන්තර් සමාජ තරගාවලියක් බවට පත්වූයේ 1950 දීය. එදා එසේ අන්තර් සමාජ තරගාවලියක් බවට පත්වූ වසරේදීම ක්ලිෆර්ඞ් කුසලානය අත්පත් කරගැනීමට සමත්වූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය වසර 35කට පසුව මේ ඉරිදා එය නැවතත් තමා සන්තකයට ගැනීමේ නොතිත් ආසාවෙන් පසුවෙයි. පළමු අන්තර් සමාජ තරගාවලියේ සිට පසුගිය වසර දක්වා ගතවූ කාලයේදී වාර 13ක්ම ක්ලිෆර්ඞ් කුසලානය අයිති කරගැනීමට හැව්ලොක්ස් පිල සමත්වූවත් එය වැඩිම වාරගණනක් තිබුණේ මහනුවර ක්‍රීඩා සමාජයේය.
මේ ඉරිදා ඔවුහු සිය රග්බි බලකොටුව සේ සැළකෙන නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී අයිති කරගැනීමට බලා සිටින්නේ සිය 20 වැනි ක්ලිෆර්ඞ් කුසලානයයි. වසර 2015 සිට දිගටම තමා සන්තකයේ තබා ගත් ක්ලිෆර්ඞ් කුසලානය මෙවරත් රැක ගැනීමේ අදිටනින් යුතුව පසුවන මහනුවර පිලට දැඩි අභියෝගයක් එල්ල කිරීම හැව්ලොක්ස් පිලේ අදිටන වී තිබේ.
විශේෂයෙන් ලීග් රග්බි ශූරයන් තහවුරු කෙරෙන තීරණාත්මක තරගයේ දි සිය පිටියටම පැමිණ ජයග්‍රහණය උදුරාගත් මහනුවර පිලෙන් ඒ වාඩුව ගැනීමට නම් ඔවුන්ගේ බලකොටුවේදීම මහනුවර පිල පරාජය කළ යුතු බව හැව්ලොක්ස් පිල දැන සිටි.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.