Last Update  :  2024-04-26 18:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර පිල අපරාජිතව ඉදිරියට
අන්තර් සමාජ රග්බි

මහනුවර පිල අපරාජිතව ඉදිරියට

editorial - 2022 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන නිපෝන් පේන්ට් 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටය යටතේ පොලිසියට එරෙහිව අද (27 වැනිදා) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 21-07 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මෙවර තරගාවලියේදී මහනුවර කණ්ඩායම පිට පිටම ලැබූ 8 වැනි ජයග්‍රහණය මෙය විය.

පොලිස් කණ්ඩායමට ලකුණු රැස්කිරීමට ඉඩක් නොදෙමින් ගෝල දිනුම් 2 ක් සමග ලකුණු ලබාගත් මහනුවර ක්‍රීඩකයෝ, පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-00 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. හේෂාන් කල්හාර 10 වැනි විනාඩියේදීද, ශ්‍රීනාත් සූරියබණ්ඩාර 27 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත් අතර ඒවාහි ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ තරින්ද රත්වත්තේ විසිනි.

දෙවැනි අර්ධයේදී පොලිස් කණ්ඩායම ගෝල දිනුමක් ලබාගත් අතර මහනුවර කණ්ඩායමට එහිදී ලකුණු ලබාගැනීමට නොහැකි විය. කෙසේ වුවත් 47 වැනි විනාඩියේදී පොලිස් කණ්ඩායමේ ගිහාන් සිල්වාගේ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ඔහුට කහ කාඩ් පතක් ලබාදුන් විනිසුරුවරයා, මහනුවර කණ්ඩායමට දඬුවම් උත්සාහක දිනුමක් පිරිනැමුවේය.

එම දඬුවම් උත්සාහක දිනුමත් සමග මහනුවර කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගියේය. 57 වැනි විනාඩියේදී වගීෂ වීරසිංහ පොලිස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගත් අතර මනිල්ක සුලක්ෂන රුබේරු එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත්තේය.

තරගයේ 73 වැනි විනාඩියේදී පොලිස් කණ්ඩායමේ දේෂාන් ප්‍රනාන්දුද විනිසුරුවන්ගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබීය. මෙම තරගයේදී පොලිස් කණ්ඩායම ක්‍රීඩක ආදේෂ කිරීම් 3 ක් සිදු කළ අතර මහනුවර කණ්ඩායම එක් ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කළේය.

 


අදහස් (0)

මහනුවර පිල අපරාජිතව ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.